
(ටී.කේ.ජී.කපිල )
අකුරේගොඩ සුපිරි වෙළදසැළක් ඉදිරිපිට දී නීතීඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට , වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියැදුරුවරයා ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා, මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් මාළදිවයිනේ දී අත් අඩංගුවට අද සවස දිවයිනට රැගෙන ආහ.
බටපොළ , ඇත්කදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකි .
මෙම නීතීඥවරයාට සහ ඔහුගේ බිරිඳට ඉකුත් 2026.02.13 දින වෙඩි තබා ඝාතනයකර තිබුණි.
සැකකරු බහරේන් සිට මාළදිවයින වෙත පැමිණ සිටියදී , ඔහුට එරෙහිව ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබූ රතු නිවේදනය මත , එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙරටට ඒ පිළිබද දැනුවත් කිරීමෙන් පසු , විශේෂ පොලිස් කණ්ඩායමක් මාළදිවයින වෙත ගොස් ඔහු අත් අඩංගුවට ගෙන තිබේ .
ඉන්පසු ඔහු මාළදිවයින මාළේ නුවර සිට මෙරටට රැගෙන එනු ලැබීය.
කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd