(රෝෂන් තුෂාර)

අභියාචනාධීකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (12) සිදු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසීය.

අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා ලබන බදාදා පස්වරු 1.00 ට එම සාකච්ඡාව ලබා දී ඇති බවද පැවසීය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට මාස තුනකට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර මැයි 25 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබිණි.