පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්වය වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කීපයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල අහස බරව පවතිනු ඇත.

බස්නාහිර සහ සබරගමුව,  පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි

අම්පාර, මඩකළපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු - මැද සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට තරමක තද සුළං ඇති වේ.