
දිවයිනේ උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට අද සිට ඉදිරි දින කීපයේ වැසි ඇති වීමට හිතරක වායු ගෝලීය තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.
ඌව, මධ්‍යම, සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකියි.
දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 වැනි දින සිට සැත්තැම්බර් 7 වැනි දින දක්වා ශ්‍රී ලංකා ආසන්න අක්ෂාංශවලට සූජෘවම ඉහළින් පවති. අද දහවල් 12.09ට මාදම්පේ සහ තෝරයාය තොටගමුව, රත්තොට සහ කලවංචිකුඩි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව ගමන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd