(දයාරත්න ඇඹෝගම)
ශ්‍රාවස්තිපුර,තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක ගල්තලාවක නිදන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිද ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල,මාලිගාතැන්න,පදවි-ශ්‍රීපුර,ගිරාදුරැ කොට්ටේ,වරකාපොල හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 35ත් 58ත් අතර වියේ පසුවන කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකි.
මොවුන් ශ්‍රාවස්තිපුර,තිබිරිකවල ප්‍රදේශයේ පිහිටි රත්ත්රරං දේවාලය ආසන්නයේ පිහිටි ඉඩමක නිදන් හාරන බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිද බවට හදුනා ගෙන තිබේ.
නිදන් හැරිම සදහා ඔවුන් විසින් භාවිතා කළ උදළු,අලවංගු,යකඩ ඉනි වැනි ආයුධ කිහිපයක්ද පොලිසිය සිය බාරයට ගෙන තිබුණි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නිදන් ගන්න ගිය නි:පොලිස්පති බිරිය ඇතුළු අටක් මාට්ටු
බකල ජයා Friday, 15 August 2025 09:25 AM
නිධානෙ අත්අඩංගුවට ගියා වෙන්න ඕන. නම නැති එක හැබැයි අවුල්.