(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා කියනවා නීතියට උඩින් කවුරුත් නෑ කියලා. එහෙනම් බාල ගල් අඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මුදල් අමාත්‍යංශයේ මිලියන 800ක් වැරදි ගිණුමකට දාපු අය ප්‍රශ්න කරන්න.බොරු සාක්ෂි දෙන්න කියලා සියදිවි හානිකරගන්න තත්වයට සැකකරුවන්ව පත් කරන අයගෙන් ප්‍රශ්න කරන්න. ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගත්ත අයවත් ප්‍රශ්න කරන්න යැයි නාමල් රාජපක්ෂ මහතා අභියෝග කළේය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කැස්බෑවේ ජන හමුවක් අමතමිනි.

 පහුගිය මැතිවරණ වලින් ඈත් වෙච්ච බොහෝ පිරිසක් අද අපට එකතු වෙලා ඉන්නවා.ඉතින් ඔබතුමන්ලාට ස්තුතිවන්ත වන අතර ඔබ ආදරයෙන්  පිළිගන්නව යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.