(එස්.ඩී.කොඩිකාර)

නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්  ලංකාගම රත්ත හේන දොළ ප්‍රදේශයේ අද (02) විශාල  නාය යාමක් සිදුව තිබේ.

 සිංහරාජයට අයත්  කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇති අතර  මේ හේතුවෙන් ඒ ආසන්නයේ තිබූ නිවසක්  විනාශ වී ගොස් තිබේ.

234/ ඒ, ලංකාගම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි (55) හැවිරිදි ධම්මික සෝමපාල මහතාගේ නිවස මෙම නාය යෑම හේතුවෙන් විනාශ වී ඇත.

නාය යන අවස්ථාවේදී එම නිවසේ නිවෙස් හිමිකරු වූ ධම්මික සෝමපාල මහතා සිය පුතා සමග ගඟෙහි ජල මට්ටම බැලීමට ගොස් තිබූ අතර ඔහුගේ බිරිඳ සහ දුව වෙනත් නිවසකට ගොස් තිබූ අවස්ථාවේ මෙම නාය යෑම සිදුවී ඇති බව නිවෙස් හිමි සෝමපාල මහතා පැවසීය.

මේ වනවිට ලංකාගම නෙළුව මාර්ගය රත්තහේන දොළ ප්‍රදේශයෙන් මුළුමනින් අවහිර වී ඇති අතර ප්‍රදේශයේ විදුලියද විසන්දි වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.