
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබද ශෝක යෝජනා විවාදයක් ලබන 25 වැනිදා සිකුරාදා පැවැත්වේ
මීට අමතරව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී ඒකනායක සහ ලකී ජයවර්ධන යන මහත්වරැන් වෙනුවෙන්ද ශෝක යෝජනා විවාද මෙදින පැවැත්වීමට නියමිතය
මේ අතර සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට (22) විවාදයට ගැනේ
මේ අතර සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අනිද්දා (23)ද ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 24වැනිදා පැවැත්වේ.
පාර්ලිමේන්තුව හෙට (22) සිට ලබන 25 දක්වා රැස්වෙයි
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිළි රැජිනට ශෝක විවාදයක් සිකුරාදා
විපරමා Monday, 21 July 2025 05:03 PM
ජාතික ලැයිස්තුවෙන් පත්කරලා පිනට ලැබුණු සියලුම වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන හිටියා මිසක් කරපු දෙයක් තියෙනවාද? ජනතා මුදල් කාබාසිනියා කිරීමක් විතරයි සිද්ද වෙන්නේ...
romantic couple in the romantic moment Tuesday, 22 July 2025 09:02 AM
නිළි රැජිණට ගරු කළ යුතුයි. නමුත් පාර්ලිමේන්තු විවාදයක් කරනවා කියන්නේ විහිළුවක්... ජනතා මුදල් අවභාවිතයක්...
de silva Tuesday, 22 July 2025 12:30 PM
පාර්ලිමේන්තුව දවසකට කැඳවන්න රුපියල් කෝටියක් විතර වියදම් වෙනවා. මේ ගොල්ලන් ගැන විවාද කරන එක ජනතා මුදල් කාබාසිනියා කිරීමක්... විවාද කරනවා නම් කරන්න ඕනේ ගාමිණී ලොකුගේ ගැන. ඔහු 80 දශකයේ සිට විවිධ පාතාල කල්ලි පෝෂණය කරමින් කළ මිනීමැරුම් ගැන, අයථා මාර්ගවලින් උපයාගත් දේපල ගැන, පුළුවන්නම් මේවා රාජසන්තක කර විකුණා වින්දිතයින්ට යම් දෙයක් දෙන්න පුළුවන්ද කියලා බලනවා නම් වටිනවා...