
( අමදෝරු අමරජීව )
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතාගේ අනුමැතිය පරිදි මෙම දෙදින නිවාඩුව ලබා දුන් බව පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම් .ඩබ්.ජි. දිසානායක මහතා පැවසීය .
ලබන සඳුදා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් ආරම්භ කිරීමට නියමිත බව කී අධ්‍යාපන ලේකම්වරයා නිවාඩුව ලබා දුන් දින දෙක හිලව් කිරීම සඳහා එම දින කවදාද යන්න ඉදිරියේදී නිවේදනය කරන බව කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර මුස්ලිම් පාසල් වලට විතරද අයහපත් කාලගුණය ? නැත්නම් සියළුම පාසල් පාසල්ද ?
දැන් නැගෙනහිර ඉන්නේ ඒ වර්ගේ උන් විතරද? අනිත් ජාතිවල උන් ගං වතුරට ගහගෙන යන්නෙ නැති, තෙමෙන්නෙ නැති ජාතිද? ඔය වගේ ගොන් තීරන නිසා තමයි රටේ ජාතිවාද ඇතිවෙන්නෙ. දැන් මට කියපල්ලා ජාතිවාදියා කියලා.