
(ටී.කේ.ජී.කපිල )
නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර තිබේ.
එම සම්මානය රැගෙන ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළට ඊයේ (7) පැමිණියේය .
ෆ්‍රෙඩී ගමගේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදියෙකු , සිවිල් සමාජ ක්‍රියාධරයෙකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටින්නේය .
නැගෙනහිර ටිමෝරය යනු ඉන්දුනීසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයකි . මෙය 1975 නොවැම්බර් 28 වන දා තෙක් පෘතුගීසි යටත් විජිතයක්ව පැවති අතර එදින නිදහස ලැබූ එම රාජ්‍යය යළි දින ගනනාවකට පසු , එනම් 1975 දෙසැම්බර් මස 07 දින ඉන්දුනීසියාව විසින් අත් පත් කර ගෙන තිබේ. එරටින් නිදහස ලබා ගැනීම සදහා එරට වැසියන් සමග ආසියා - පැසිෆික් කළාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයක නිරත වී තිබේ .
මෙම අරගලයට සහභාගී වීම සදහා නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතා පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී දෙවරක් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එක් වරක් පිටුවහල් කිරීමකට ද ලක් වී තිබේ .
මෙම අරගල වල ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ මැයි මස 20 වැනි දින නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් වන අතර , එම නිදහස් අරගලය වෙනුවෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කර මෙම වීර සම්මානය ඉකුත් 27 දින එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත පිරිනමා තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම්
ඉතා හොඳ වැඩක්
අපගේ මතකය නිවැරදි නම්, මෙම සම්මාන ලාභී ගමගේ මහතා ඊලාම් රාජ්‍යයට ද සහයෝගය දුන්නෙක්.
මෙහේ හොරුන්ගෙන් මේ රට නිදහස් කරගන්න කරපු අරගලය කොහොමද? ඒකට කාටවත් වීර සම්මානයක් දුන්නේ නැහැනේ...!
මම අවුරුදු 5ක් ටිමෝරයේ හිටියා. එහේ නිදහස් උත්සවයටත් සහභාගි වුණා. එහෙම කෙනෙක්ගේ විස්තරයක් අදමයි දැක්කේ...!
ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමිව මගේ මතකයට ආවා. ඔබතුමාට සුභ පැතුම්