IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නෙස්ලේ පොල් වගා සැලසුමෙන් තවත් ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ

නෙස්ලේ පොල් වගා සැලසුමේ පස්වැනි අදියර 2021 නොවැම්බර් 10 වැනිදා මහ ඔය, අරන්තලාව ප්‍රදේශයේ දී දියත් වුණි.  ඒ, තවත් ගොවීන් සහ පොල් වගාකරුවන් 1,000කට දෙමුහුන් පොල් පැළ 5,000ක් සහ කාබනික පොහොර ප්‍රදානය කරමිනි.

ශ්‍රී ලංකා පොල් වගා කිරීමේ මණ්ඩලය සමඟ නෙස්ලේ ලංකා සමාගම දියත් කළ මෙම අදියර, කාබනික වගාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වේ. එමගින්, පසේ සරුභාවය සහ තෙතමනය ආරක්ෂා කර, ජෛව විවිධත්වය සුරකින අතර, උසස් තත්ත්වයේ අස්වැන්නක් ලබාගැනීම ද තහවුරු කෙරේ.

‘‘පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ නොමඳ ආදරය දිනාගත් බෝගයක් ලෙස පොල්, සංස්කෘතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද අපගේ ජීවිතවලට බද්ධ වී තිබෙනවා. කෙසේ නමුත්, පසුගිය වසර කිහිපයේදී නියඟය සහ වගාවන්ට වැළඳුණු රෝග හේතුවෙන් පොල් සැපයුම පහත වැටුණා. එය බොහෝ දෙනකුගේ ජීවනෝපායටත් විශාල බලපෑමක් එල්ල කළා. 

එවන් පසුබිමක, සාම්ප්‍රදායිකව පොල් වගා නොකරන ප්‍රදේශවල ග්‍රාමීය පවුල්වලට උසස් තත්ත්වයේ පොල් පැළ වගාකිරීමට සහාය පිරිනමන මෙම රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවට සම්බන්ධ වීමට හැකිවීම අපට මහත් සතුටක්’’ යනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී මාධවී හේරත් මහත්මිය පැවසුවාය.

2016 වසරේ දී නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව හඳුන්වා දුන් නෙස්ලේ පොල් වගා සැලසුමේ වර්තමාන ප්‍රතිලාභී ගොවීන් සංඛ්‍යාව 4,000කි. මෙම පොල් සංවර්ධන වැඩසටහන යටතේ, ඊට එක්වන්නන්ට නොමිලේ දෙමුහුන් පොල් පැළ ලබාදෙන අතර, තාක්ෂණික සහාය සහ විශේෂ පුහුණු හා සංවර්ධන වැඩසටහන් ආදිය ද ලබාදෙයි.

‘‘මෙය, ශ්‍රී ලංකාවට පොල් වලින් ස්වයංපෝෂිත වීම සඳහා සහාය වීමට මෙන්ම, පරිසරයට වගේම අපගේ ප්‍රජාවට යහපත් වූ වගා ක්‍රමවේද හඳුන්වා දීමට අපට ලැබුණු වටිනා අවස්ථාවක්. පුනර්ජනනය කරා නව ගමනක් අපි ආරම්භ කර ඇති හෙයින්, ගොවීන්ට තම වගාවන් තිරසාර සහ ලාභදායී කිරීමට අවශ්‍ය කාබනික වගා ක්‍රමවේ ද භාවිතයට ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය වන්නේ එක් වරකට එක් පියවර බැගින් තබමින්, ආහාර පද්ධති ආරක්ෂා කර ගැනීම, නව්‍යකරණය කිරීම හා යළි පිහිටුවීම සඳහා සහාය වීමයි, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා පැවසීය.



අදහස් (1)

නෙස්ලේ පොල් වගා සැලසුමෙන් තවත් ග්‍රාමීය පවුල් 1,000කට ප්‍රතිලාභ

sampath Wednesday, 01 December 2021 10:01 PM

පොල් වවන්න ඕන නැහැ. පොල් ගස් කපන එක නවත්තන්න. පොල් වගාවට ඔය කිසිම පොහොරක් නැතත් පලදාව ගන්න පුලුවන් ශාකයක්. ඒ වගේමඅවුරුදු 100 පැනපු පොල් ගස් තියනවා හොද පලදාවක් දෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site