(යොහාන් භාසුර)
රට බංකොළොත් වෙලා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) 2020 මාර්තු මස දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ පැවසීය.
ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු කීපයක් නිසා මේ රටට වූ විනාශය සියලු දෙනා දන්නා කරුණක් බව දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අයි.එම්.එෆ්. එකට ගොස් අවශ්‍ය වැඩපිළිවෙල හදන ලෙස අයි.එම්.එෆ්. 2020 මාර්තු මස උපදෙස් දී ඇති බව ‘කෝප්’ කමිටුවේදී හෙළිවූ බව ද සඳහන් කළේය.
ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ක්‍රියාකළ ආකාරය නිසා රට වැටුණු බවත් මෙවැනි තත්වයක් තුළ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත්කිරීමට සූදානම් වන බවත් ජයසේකර මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා වගකිව යුත්තේ මහ බැංකුවේ මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ නිලධාරින්. ටීබී ජනාධිපති ලේකම්, ඔහු කෙලින්ම මුදල් හා සම්බන්ධ නෑ.
තමන්ට මෙලෝ දෙයක් බැරිවුණත්, තනතුරෙන් එළවනකන් එල්ලිලා ඉඳගෙන වරප්‍රසාද භුක්ති විඳින ඔක්කොටෝම පාඩමක් වෙන්න ජනතාව එකතුවෙලා තමයි දඬුවමක් දෙන්න වෙන්නේ...
වැරැදි වැඩ කළ දේශපාලකයින් සහ නිලධාරින් සියලු දෙනාගේ විශ්‍රාම වැටුප් අත්හිටුවා දඬුවම් දිය යුතුමයි...
ශ්‍රේෂ්ඨාධිකරණය කිසිම රජයේ කටයුත්ත කට යෙදවීම නොකරන්න කිව්වෙ මොහුව නේද? එහෙම නම් ඔහුට පමණක් වරද පැටවීම ප්‍රමාණවත් නැහැ ඔහුව පත්කල බලධාරියාටත් දඩුවමක් දියයුතුය. නොදන්නා නිසා අහන්නෙ අධිකරණය එපා කියපුදේ කර ඇත්නම් එය අධිකරණයට අපහාසයක් නොවෙයිද?
ඔව් ඉතින් පහත් තැනින් වතුර බහින්න තමයි ව්‍යවස්ථාව හදල තියෙන්නේ. ඇමතිලා වැරදි නියෝග දෙනකොට එම නියෝග අමාත්යන්ස ලේකම්ලා තමයි ක්‍රියාවට නංවන්න ඕනේ. වැඩේ වැරදුනාම නියෝග දුන්න එකෙක්වත් නෑ . උදාහරණයක් තමයි අර කුණු පොහොර නැව නැන්ගුරන් ගහගෙන ඉන්නකොට ඒ නැවට ඔහේ ඉන්න දීල 'ඩැමරජේ මුදල්' එනම්, අපතේ කාලයක් නැන්ගුරන් දාගෙන හිටියට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න කියල වීරයා වගේ අර කුරුනෑගල බත්බැල ඇමතියා නියෝග කලාම, එය ක්‍රියාවට නංවන්න උනේ අමාත්යශ ලේකම්ට තමයි. මගේ දරුවට පිටරට විශ්වවිද්‍යාලයට යන ගමනට ප්‍රධාන බැංකුවකින් දෙන්න පුළුවන් මුදල ඩොලර් 80ක් පමණයි කියල කියපු ඒ අවස්ථාවේ මේ මානසික ලෙඩා ඩොලර් මිලියන 6.7ක් මිනිහගේ අප්පාගේ බුදලෙන් වගේ ගෙවන්න කිව්වා දඩ. අඩුගනනේ ඒ නැවට යන්න කියල හරිවෙලාවට කිව්වනම් මුදල අවමයක් කරන්න තිබ්බ. ඇමතිලා වීර ප්‍රකාශ කරාට, උදාහරණයක් ලෙස ගත්තොත්, අර කාබනික ගොවි ඇමතීයා දැන් හොයාගන්නත් නෑ . ගත්ත වැරදි තීරණවලට දඬුවන් කරන්න නීතියකුත් නෑ . අපේ රට සැමදා මෙවන් දේශපාලන හයීනාලගෙන් විනාශය කරා යනවා මිස , ඇමතිලට දණ්ඩ නීති සංග්‍රහයක් ව්‍යවස්ථාගත කරනතුරු, අපට කවදාවත්මේ වලෙන් ගොඩ එන්න නොහැකිය.
226 දෙනාම බේරේ වැවේ ගිල්ලලා මරන්න ඕනේ
සේනානායකලා හැර මේ රට පාලනය කළ හැම කෙනාම දඬුකඳේ ගැසීම ඉතා සුදුසුයි. එසේ නොකළත් මතක තියාගත යුතු කරුණක් ඇත. එනම් බණ්ඩාාරනායක යුගය, රාජපක්ෂ යුගය, ප්‍රේමදාස යුගය, ජයවර්ධන යුගය තව වසර කිහිපයකින් මේ රටින් තුරන්ව යනු ඇත. කවුරු මොනවා කිව්වත් මම නම් මහින්ද මහත්තයාගේ පින්තූරය කුණු බක්කිකයට දැම්මේ 2011 ජනවාරි මාසයේදී. මම එදා දුටු දේ බොහෝ දෙනෙක් දැක්කේ ඊට වසර 11කට පස්සේ. මට නම් දේශපාලනයක් නැහැ. ඒත් මේ වෙන දේ සියල්ල ඇන්.ඇම් මැතිතුමා බොහොම ලස්සනට කියලා තියෙනවා. දැන් තියෙන්නෙ නැවතත් ඒ යුගයට යන එකයි...
හොඳට තිබිච්චි රට මේ තත්වයට පත්කරපු හැමෝටම හෙන වදින්න ඕනේ...
විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරින් නැවත සේවාවන්හි පිහිටුවීම නොකළ යුතුයි. විශ්‍රාම ලත් තැනැත්තන්ගේ සිහි කල්පනාව සාමාන්‍ය තත්ත්වයෙන් නොවන බැවින් රටක ප්‍රධාන තනතුරක් හෙබවීමේ ප්‍රතිඵල දෙකෝටි විසි ලක්ෂයකට විඳවීමට සිදුව ඇත. රටට මෙවන් තත්වයක් උදාවී ඇත්තේ මෙවන් නිලධාරීන් සහ අවබෝධයක් නැති දේශපාලකයින් විසින් ගන්නා ලද වැරැදි තීරණ නිසාවෙනි.
එතකොට ගොබ්බ සේනට මොකද කරන්නෙ?