
(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 16 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (18) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 149 කින් ඇෆ්ගනිස්තානය පරාජය කරමින් පිට පිටම සිව්වැනි ජය ලැබීමට සමත් වූහ.
නවසීලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 8ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය නැවතත් හිමිකර ගැනීමට සමත් විය. නවසීලන්ත පිල ඕවර 50 යෙදී කඩුලු 6 ට 288 (ඩෙවෝන් කොන්වේ 20, විල් යංග් 54, රචින් රවීන්ද්‍ර 32, ටොම් ලෙතම් 68, ග්ලෙන් පිලිප්ස් 71, මාක් චැප්මන් 25, නවීන් උල් හක් 48/2, අෂ්මටුල්ලා ඔමර්ෂායි 56/2) ඇෆ්ගනිස්තානු පිල ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 139 (රහමට් ෂා 36, අෂ්මටුල්ලා ඔමර්ෂායි 27, ටේරන්ට් බෝල්ට් 18/2, මිචෙල් සැන්ට්නර් 39/3, ලොකී ෆර්ගියුසන් 29/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව පිට පිටම ....එක්කෝ ඕනේ නැහැ