IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක්

(අංජුල මහික වීරරත්න)

වසරකට නවසීලන්ත සංචාරකයන් පනස්දහසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන බව නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ අද (25) පැවසීය.

දැනට නවසීලන්ත සංචාරකයන් 7,500ක් පමණ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවද  මහ කොමසාරිස්වරයා මෙහිදී කීය.

ජනපති සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා අතර හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි.

ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කළ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා රට තුළ ශක්තිමත් ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැගීමට නවසීලන්තයේ අඛණ්ඩ සහාය නව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවට ද සහතික විය.

ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා විය. 

ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා උසස් ප්‍රමිතියෙන් යුත් තාක්‍ෂණය, පුහුණුව සහ සම්පත් පිළිබඳ නවසීලන්තයේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ලබා දීම කෙරෙහි ද මෙහිදී  අවධානය යොමු කෙරිණි.

ලංකාවේ අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නවසීලන්තයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සහ  ක්‍රීඩාවෙහි පරිපාලන භාවිතයන් වැඩි දියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. 

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ මෙන්ම මෙරට ජනතාවගේ ද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.

වර්තමාන සංචාරක උපදේශන යාවත්කාලීන කිරීම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ප්‍රධාන සංචාරක කලාපයන් තුළ ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා නීතිය බලාත්මක කිරීම සහ හදිසි සේවා ශක්තිමත් කිරිම සඳහා අනුගමනය කෙරෙන ආරක්ෂක ප්‍රොටෝකෝලයන් පිළිබඳව ද  සඳහන් කළේය.

නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසාක් (Gabrielle Isaak) මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.



අදහස් (2)

නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක්

KMSK Kulatunga Friday, 25 October 2024 07:52 PM

ඒක ඇත්තටමම හොඳයි.

:       0       45

Rata Perata Friday, 25 October 2024 08:26 PM

මෙන්න මේවා තමයි රාජ්‍ය නායකයෝ කරන්න ඕනෑ. එහෙනම් නැතිව සාගලට දිනන්න වාහන බෙදන ඒවා නෙවෙයි. දැන්වත් රනිල් කට වහගෙන ඉන්නවා නම් හොඳයි.

:       27       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site