( රංජන් කස්තුරි )
නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරීවරයාට සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.
මීට අමතරව තවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකු පී සී ආර් පරීක්ෂණවලට ලක් කර සිටින අතර ඔවුන්ගෙ වාර්තා ඊයේ ( 29) පස්වරුව වන විටත් ලැබී තිබුණේ නැත.
මේ පිළිබඳව අදහස් දක්වමින් නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු සඳහන් කළේ සෞඛ්‍ය නීතී උල්ලංඝනය කරමින් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ රැස්වීමක් ඉකුත් සතියේ පැවැති බවයි.
නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd