(අංජුල මහික වීරරත්න)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන බව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ඒ ජානක මහතා පවසයි.

මෙි වංචාව සම්බන්ධයෙන් ආයතන මට්ටමින් ද පරීක්ෂණයක් සිදු කෙරෙයි.

කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේයැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අධිකාරියට දැනුම් දී තිබිණි.

ඊට අදාළ වාර්තාව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට දීමෙන් පසුව ඔහුගේ උපදෙස් පරිදි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි.