IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නාවලපිටියේ පාසලක විදුහල්පතිගෙන් සිසුන් පිරිසකට රජ දඬුවමක්

(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණී බවට චෝදනා කරමින් එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුනට කවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

පත්තර පිටු සහ පොතින් සපා කෑ සිසුන් දෙදෙනකු අසනිප වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

එම සිසුන් දෙදෙනාට උදරයේ අමාරුව,වමනය,උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ මතුවී ඇතැයි ඔවුන්ගේ මවුපියන් කර පැමිණිල්ලේ සඳහන් බව ද පොලිසිය සඳහන් කරයි.

විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය ගෙන ඉවතලන පොලිතිනි හා පත්තර පිටු නැවත රැගෙන යාමට බෑගයේ දමාගෙන සිට ඇති අතර විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමාගෙන ගින්නැයි ප්‍රකාශ කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වන බව ද පොලිසිය කියයි.



අදහස් (7)

නාවලපිටියේ පාසලක විදුහල්පතිගෙන් සිසුන් පිරිසකට රජ දඬුවමක්

Nihal Wednesday, 22 November 2023 10:48 PM

මොහු කිසිම තනතුරකට නුසුදුසුය ,අවුරුද්ද කටවත් හිරේ දැමිය යුතුය

:       2       19

shanthi Thursday, 23 November 2023 09:39 AM

ගෙර ගෙනියන්න බෑග් වලට දාගෙන හිටියා නම් මොන එහෙකටඩ ඒ්ව කැ‌වෙවුවෙ.. මෝඩ ප්‍රින්සිපල් කෙනෙක් නෙ.

:       1       16

Lalla Thursday, 23 November 2023 10:00 AM

විදුහල්පති මනෝ වෛද්‍යවරයකුට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර කිරීම කලයුතු වගේම තනතුරුවලට පත් නොකල යුතුයි නේද?

:       1       16

sara Thursday, 23 November 2023 02:27 PM

මෙයා ප්‍රින්සිපල් කෙනෙක්ද? JVP කාරයෙක්ද මන්දා... 88/89 කාලේ මැරිලා ආයෙත් ඉපදුණා...

:       1       1

RGSR Thursday, 23 November 2023 02:32 PM

1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දන්වන්න...! 

:       0       1

Nandalal DE SILVA - France Thursday, 23 November 2023 03:17 PM

මේ ගොබ්බයාටත් ඒවායින් කොටසක් කවන්න කෙනෙක් හිටියේ නැද්ද? මේ අමනයාට දරුවෝ නැද්ද? ඔවුන් ගෙදරදී කන්නෙත් මේවද? මෙයාව ඉක්මණින් සේවයෙන් පහකරලා... නඩු දැමිය යුතු වෙනවා...!

:       0       3

Asiri Thursday, 23 November 2023 04:06 PM

මෙම පිනා දේශපාලන පත්වීමක් ලද හෙන්චයියා කෙනෙකි... මොවුන්ව සදහටම සේවයෙන් නෙරපිය යුතූයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site