



(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණද වගා කටයුතු සඳහා එය බාධාවක් නොවන බව නිවේදනය කිරීමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරුවන් තම ගොවි බිම්වල කටයුතු සුපුරුදු පරිදි සිදුකරමින් සිටින අයුරු දක්නට ලැබුණි.
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් වලට අනුව පුද්ගලයින් දෙනෙකු අතර දුර ප්‍රමාණය මීටරයකට වැඩි පරතරයක් තබා ගනිමින් කටයුතු කිරීමට ද ඔවුහු වගබලා ගත්හ.
ඒ අනුව නුවරඑළිය, ඩයගම, තලවාකැලේ, හැටන්, රුවන්පුර, බගවන්තලාව, මස්කෙළිය ආදි ප්‍රදේශවල එළවළු ගොවියන් බිම් සැකසීම, වගා බිම සඳහා ජලය ඉසීම හා ඵල දැරූ ශාක නඩත්තු කරමින් සිටිනු දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරනකොට ඇතින් හිටියට මේ ගොල්ලෝ තේ බොනකොට, කෑම කනකොට ඔක්කොම එක ගොඩේ ඉඳන් කනවා ඇති...