
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසිය කියයි.
ඊයේ (26) පස්වරුවේ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි අවු 72 හැවිරිදි පුද්ගලයෙකු වැසිකිලයට ගිය අවස්තාවේ එම පුද්ගලයා වැසිකිලිය තුලදිම මියගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි අවු 60 වයසැති පුද්ගලයෙකු අද (27) දින උදැසන 8 ට එම වැසිකිලියට ගිය අවස්තාවේ මියගොස් ඇති බවත් පොලීසිය පැවසීය.
අභිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත්, නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද සහය ඇතිව විමර්ෂණයක් සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවරඑළියේ පොදු වැසිකිලියක මළ සිරුරු දෙකක්
Lalla Thursday, 27 June 2024 12:51 PM
පිරිසිදු නොකිරීම නිසා විෂ වායුව මුදාහැරීම විය හැකි නේද?
de silva berlin Thursday, 27 June 2024 03:19 PM
වැසිකිලි වල හොඳට සිල් වෙලා ඇති ,අනිවාර්යයෙන්ම වලේ ඇතිවන විෂ වායුව පිට වෙන්න එළියට ඔවෙර්ෆ්ලොව් බටයක් දමලා නැතිව ඇති , එහෙම වුණහම වලේ බැක්ටීරියා පිට කරන විෂ වායු පිරිලා පීඩනය වැඩි වෙනවා , කවුරුහරි වැසිකිලි ගිහින් වතුර ගහපු වෙලාවක වලේ පීඩනය වැඩි නිසා විෂ වායුව එකවර වැසිකිළිය තුළට එන්න පුළුවන් , ශ්වසන අපහසුතා තිබෙන දුර්වල වයසක පුද්ගලයෝ එම නිසා මැරෙන්න පුළුවන්, පරික්ෂ කරන්න වැසිකිලිවල අරින්න ඕනේ ගෑස් මාර්ස්ක් එකක එහෙම දමාගෙන බොහොම පරිස්සමින් , සමහර වෙලාට පුපුරන්න පුළුවන්