(නිමල කොඩිතුවක්කු)
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී පැවසීය.
නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.
150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට පැවති රජය තීන්දු ගත බවත් නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් වෙන් කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙම තැපැල් කාර්යාල ඉහළ සංචාරක ආකර්ශනයක් ඇති පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර ඇති වසර 130ක් ඉපැරණි යටත් විජිත යුගයේ ආරම්භ කළ වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකි.
නුවරඑළිය තැපැල් ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයෝ පසුගිය කාළ වකවානුවේ අඛණ්ඩ විරෝධතාවල නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා අප්පා විකුණලා හරි කොමිස් ගහන්න ඔයාලාට හිතෙන්නේම නැද්ද අප්පා...!
රජයේ දේපල විකිණීම නතර කරනවා වගේම රජය යටතේ තිබිලා දැනට පෞද්ගලික අංශයට දී ඇති සියළුම තේ වතු රජයට ගන්න. (වන්දි ගෙවලා). විකුණපු සියළු සමාගම් රජයට පවරා ගන්න. අධ්‍යාපනයට සීයට 6ක් වෙන් කළාම ටියුෂන් සහ පෞද්ගලික අධ්‍යපනය ඉබේම වැහිලා යාවි. රජයේ රෝහල් දියුණු කරලා චැනල් කඩ වසා දමන්න. හැකි සෑම අංශයක්ම රජය යටතේ පවත්වා ගන්න.
මම මාලිමාවට පක්ෂ අයෙකු වුවත් මේ ප්‍රශ්නෙදී දරන්නේ වෙනස් මතයක්. අද වෙනකොට මීට වසර 20 කට ඉහතදී තැපැල් කළ ලිපිවලින් 90%ක් විතරම නැවැතිලා මන්ද තාක්ෂණික දියුණුව නිසා... අද මේ ගරාවැටෙන ගොඩනැගිල්ල නඩත්තු කරන්න රජයෙන් මුදල් දෙන්න වෙලයි තියෙන්නේ මන්ද තැපෑලේ ආදායම එන්න එන්නම අඩුවෙන නිසා. ඉතින් මේ ගොඩනැගිල්ලේ ඇති පෞරාණික බව නිසාවෙන් එය සංචාරකයින් අදගන්නා තැනක් බවට පත්කිරීමේ කිසි වරදක් මට පෙනෙන්නේ නැහැ. අපේ රටේ වරද හැම දෙයටම දේශපාලනය ගාවා ගැනීමයි...
අපි බලන්න ඕනෑ විකුණන එකවත්, සංචාරක හෝටලයක් කරන එකටත් වැඩිය, පෞරාණික බවත් ආරක්ෂා කරගෙන, ලෙඩ ඇඳේ ඉන්න තැපැල් කර්මාන්තයත් දියුණු කරගන්නේ කොහොමද කියන එකයි. තැපෑල කියන්නේ ලියුම්, මුද්දර විතරක්ම නෙමෙයි. ජනතාවට, තවත් කාට හරි ඊ මේල් එකක් යවන්න තරමට, නවීන ලෝකයට අනුරූපීව දියුණු වෙන්න ඕනෑ. කොටින්ම, අද communication එකකින් වෙන්නෙත් තැපැල් කාර්යාලයකින් වෙන්න ඕනෑ වැඩතමයි.
පුද්ගලික අංශයට දෙන එකේ වැරැද්ද මොකක්ද ? මේක සංවර්ධනය කරලා සංචාරක ආකර්ෂණය ගන්න පුළුවන් තැනක් කරන එකේ වැරැද්ද මොකක්ද? තැපැල් කාර්‍යාලයක් විදිහට තියාගෙන මේකෙන් ගන්න පුළුවන් ලාභය මොකක්ද?
කවුරුත් ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැහැ වගේ පේනවා. පුද්ගලික අංශයට පවරන එක නෙමෙයි මෙතැන තිබුණු ප්‍රශ්නය. ඒක වුණත් කරනවා නම් කරන ක්‍රමයක් තියෙනවා. රජයට දිගටම ආදායමක් එන විදියට. හිටපු ජනාධිපතිගේ දන්නා එකම ක්‍රමය විදියට කරන්න හැදුවේ සින්නක්කරේටම සදහටම මුළුමනින්ම අයිතිය ඉන්දියන් කාරයෙකුට විකුණලා දාන්නයි, සල්ලි ටික අරගෙන ඔය මොනමොන හරි පිස්සු වැඩ ටිකක් කරලා ඉවරෙටම ඉවර කරලා දාන්නයි.. බලන්න එයා හම්බන්තොට වරාය විකුණලා සල්ලි ටිකට මොන කෙහෙම්මලක්ද කලේ කියලා. කොච්චර විනාශයක්ද වුනේ අන්තිමට...
මේවා ගැලරිය පිනවන්න පෙන්වන ෂෝ. බදු නැති කරනවා, අඩු කරනවා, බඩු මිල අඩු කරනවා, පඩි වැඩි කරනවා, හොරු අල්ලනවා, ආපසු ණය ගන්නේ නෑ කියලා කප්පරක් පොරොන්දු දීලා ඒ එකක්වත් කරගන්න බැරි වෙලාවක, ජනතාව ඒ ගැන ප්‍රශ්ණ කරමින් ඉන්න වෙලාවක මේ වගේ ෂෝ පෙන්නලා ඒවා යට ගහන්න හදනවා. සුමිත් කිව්වා වගේ ආණ්ඩුවට බරක් වූ මේ ගොඩනැගිල්ල පුද්ගලික අංශය මගින් නඩත්තු කරවීම ඉතා නුවණැති පියවරක්. දැන් මේක නඩත්තු කරන්න වෙන්නෙත් ජනතා බදු මුදලින්.