IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිව්මෝනියා රෝගීන් ගැන චීනය කරුණු දක්වයි

නිව්මෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරමින් චීනයේ නගර කීපයක පැතිරෙන නව වයිරස උණ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කිරීමක් කර තිබේ.

චීන සෞඛ්‍ය බලධාරීන් එම පැහැදිලි කිරීම කළේ, නව වයිරස රෝගය සම්බන්ධයෙන් වහා පැහැදිලි කිරීමක් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දත්වමිනි.

එය නව වයිරස රෝගයක් නොවන බවත්, නිව්මෝනියා රෝගීන්ගේ වැඩිවීම සාමාන්‍ය සිදුවීමක් බවත්, චීන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර තිබේ.

මේ වනවිට චීනයේ බෙයිජීං අගනුවර ද ඇතුළු නගර කීපයක රෝහල් නිව්මෝනියා රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන්ය.

2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ‘කොවිඞ් 19’ කොරේනා වයිරසය හිස එසවූයේත්, පසුව ගෝලීය වසංගතයක් බවට පත් වී ලොව පුරා ව්‍යාප්තවූයේත් මේ අයුරිනි.



අදහස් (0)

නිව්මෝනියා රෝගීන් ගැන චීනය කරුණු දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site