සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ
නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයට මිලදීගත් යන්ත්‍ර සහ උපකරණ රැසක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම හේතුවෙන්, රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ අනුව, අවශ්‍යතා නිවැරැදිව හඳුනා නොගෙන සහ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මෙම මිලදී ගැනීම් සඳහා දායක වූ සියලුම නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව ද එම විගණන වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
ආයුර්වේද පර්යේෂණායතනයට අවශ්‍යතාව නිවැරැදිව හඳුනා නොගෙන හා ශක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වැය කර යන්ත්‍ර හා උපකරණ 14ක් 2015 වර්ෂයේ මාර්තු 16 දින මිලදී ගෙන තිබූ අතර, ඉන් රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුත් යන්ත්‍ර අටක් 2021 ඔක්තෝබර් 15 වන විටත් සවි කර නොතිබූ බව පවසන විගණන වාර්තාව, රුපියල් එක් කෝටි හතළිස් පන් ලක්ෂයක් වටිනා යන්ත්‍ර හයක් නිෂ්පාදනාගාරය සඳහා අවශ්‍ය නොවන බවට කමිටුවකින් පවා හඳුනාගෙන තිබූ බව ද සඳහන් කරයි.
නිසි කොන්ත්‍රාත් ගිවිසුමකට සහ සේවා හා අලුත්වැඩියා සඳහා ගිවිසුම්වලට එළැඹීමකින් තොරව මෙම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කර තිබූ බැවින්, සවිකර තිබූ යන්ත්‍ර හා උපකරණ ද 2021 වර්ෂය වන විට භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතුණු බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර, ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයෙන් තොරව පැමිණීමේ ලේඛන පමණක් පදනම් කරගෙන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් පන් කෝටි පනස් තුන් ලක්ෂයක මුදලක් 2021 වර්ෂයේදී ගෙවා ඇතැයි එම විගණන වාර්තාවේ දැක්වේ.
එය මුදල් රෙගුලාසිවලට පටහැනි ක්‍රියාවක් බව ද එහි සඳහන් වේ.
මේ අතර, ආයුර්වේද ව්‍යාපෘති කිහිපයකට රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් වැය කර ඇතත්, එම කාර්යයන් ඉටු වී නොතිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.
ආයුර්වේද සංරක්ෂණ සභාවල පාරම්පරික වෛද්‍යවරුන්ගේ ඔසු උයන් සංවර්ධනයට රුපියල් පන් ලක්ෂයක් ද, පර්යේෂණ රෝහල්වලට අවශ්‍ය ආයුර්වේද පර්යේෂණ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් පනස් ලක්ෂයක් ද, ඖෂධ පැළෑටි සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ තරුණ ගොවි ගම්මාන වැඩසටහන සඳහා රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් ද වශයෙන් මෙලෙස ප්‍රතිපාදන වෙන් කර තිබිණැයි කියති.
මේ තොරතුරු සඳහන් වන්නේ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවින්න රෝහලට කෝටි තුනක අලාභයක්
ravin Tuesday, 04 July 2023 12:31 AM
මගේ මතකය නිවැරදි නම් ,හිටපු ඇමතිගේ කිට්ටුම නෑදෑ කෙනෙකු නේද ලොකු පුටුවේ හිටියේ .ඒ දවස්වලත් කියවුනා නේද සෑහෙන අකටයුතු රැසක් වෙනවා කියලා
පැරකුම් Tuesday, 04 July 2023 06:50 AM
හැමදාමත් මේගොල්ල කරන්නෙ මහ ලොකුවට ප්‍රසිද්ධ කරන එක විතරයි. කවදාවත් නිසි පියවරක් අරගෙන තියනවද.? අනේ අපේ බදු සල්ලි වලට යන කල..!
vernon Tuesday, 04 July 2023 08:45 AM
දැන් ඔය උපකරණ සවි කරලා පාවිච්චි කරොත් ඔය පොල් ගෙඩි අකුරෙන් දාන දේවල් ඒවස් කරන්නත් වෙනවා නේද?එතකොට අච්චර මෙච්චර අලාභයක් වුනා කියන එක හරිද?