ජාති භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් එක ම රටක ඉපදුණු ආකාරයටම, නිවුන්නු වාගේ එකට සිතන, ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැකීම තම ප්‍රාර්ථනාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(20) පැවසීය.
ශී‍්‍ර ලංකා නිවුන් සංගමය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ නිවුන් සංස්කෘතික සංදර්ශනයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘‘මම ඉතා ආඩම්භර වෙනවා මේ වාගේ දැවැන්ත නිවුන් ප‍්‍රජාවක් එක තැනකට ඒකරාශී කිරීම ගැන. අද මෙතන නිවුන් ස්වාමීන් වහන්සේලා, මෙහෙනින් වහන්සේලා, නිවුන් පූජකතුමන්ලා, පූජකවරියන්, නිවුන් ආරක්ෂක නිලධාරීන්, නිවුන් වෛද්‍යවරු, හෙදියෝ සියලු දෙනා ඒකරාශී වෙලා තියෙනවා.
එකට උපන්නේ නැති වුණාට දේශපාලනයෙත් නිවුන්නු ඉන්නවා. දැන් පොහොට්ටුව, ශ‍්‍රීලනිපය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය රට වෙනුවෙන් එකට ඉන්නේ. ඒ වාගේම සමහර දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් කෙනකුට තේරෙනවා ඒ ගොල්ලෝ අධිරාජ්‍යය ගැතියි කියලා. ඒගොල්ලොත් එකටමයි ඉන්නේ. ඒ දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් දන්නවා ඒගොල්ලෝ ආවොත් රට විකුණනවා, රට කඩනවා කියලා.
ඒ නිවුන්කම හැදෙන්නේ භාවිතයෙන්. ඒ නිසා ජාතික නිවුන් දිනයක් ප‍්‍රකාශයට පත් කරන්න ඕනෑය කියලා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳ අපි අවශ්‍ය ක‍්‍රමවේදය අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා‘‘ යැයි අගමැතිවරයා පැවසීය.
නිවුන් සහෝදර සහෝදරියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 1996 වර්ෂයේ පිහිට වූ ශී‍්‍ර ලංකා නිවුන් සංගමයේ වර්තමාන සාමාජිකයෝ 28000 ක් පමණ සිටිති.
නිවුන් සහෝදර සහෝදරියන් 8004 කගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වුණු නිවුන් එකමුතුවෙන් වැඩිම නිවුන් එකමුතුව ලෙසගිනස් වාර්තා පොතට ශ්‍රී ලංකාවේ නිවුන් සංගමය එක්වී ඇත.
අද පැවැති මෙම සංස්කෘතික සංදර්ශනයට නිවුන් සහෝදර සහෝදරියෝ 12492 ක් සහභාගී වූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවුන් දු දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.!! මෙම නිවන් දරුවන් වෙනුවෙන් සහ අනාගතේ ඉපදෙන්නට සිටින නිවුන් දරුවන් වෙනුවෙන් අප යෝජනාවක් ගෙන ඒමට කැමැත්තෙමු. සමහර විට එය වැඩිදෙනෙකුට විහිළුවක් ලෙස තේරුම් යනු ඇත. මෙම නිවුන් දරුවන් ලැබුණු දෙමාපියන් එම දරුවන් හදා වඩා ගන්නේ අති මහත් වෙහෙසක් දරා මුදල් අගහිගකම් මධයේ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒබැවින් දියවන්නඔයෙන් නීතියක් සම්මත කරගැනුමට පුළුවන් නම් ඉක්මනින්ම කිසියම් නිත්‍යානුකුලව විවහාවූ යුවලකට නිවුන් හෝ ඊට වැඩි ගණනක දරු සම්පත් ලැබුනොත් අදාළ පියාටහෝ මවට ඔවුන් දැනට ලබන මාසික වැටුප දෙගුණයක් ලෙස ලබාදීම රජයේ සේවය හෝ පෞද්ගලික ආයතනයක සේවය කලත් එසේ වැටුප දෙගුණයක් කිරීමට හැකි නම් එය මෙවන් නිවුන් දරුවන් ලැබූ දෙමාපියන්ට රජයක් විසින් ගනු ලබන වටිනා තීරණයකි. අප විස්වාස කරනවා මෙවන් යෝජනාවකට හදවතක් තිබෙන කිසිදු පුරවැසියකු විරුද්ධ වෙයි කියා. රටේ මුල්පුරවැසියාට මෙම අදහස් කියවීමට හැකි වේවා !!
පුංචි පවුල රත්තරන් කියපු අදූරදර්ශී පාලකයන් දේශපාලන පක්ෂ වලට ඇතුල් පහරකි. නුතන ජාතියේ අවශ්‍යතාව දෙක තුන හතර නොව දහසක් වී ඉපදේවා ! කවුරුන් හෝ කන්න බොන්න දේවි. ඒ නැතත් කමක් නැහැ.