IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


නිවුන් සංස්කෘතික සංදර්ශනය අගමැතිගේ ප්‍රධානත්වයෙන්

ජාති භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන් එක ම රටක ඉපදුණු ආකාරයටම, නිවුන්නු වාගේ එකට සිතන, ජීවත්වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැකීම තම ප්‍රාර්ථනාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(20) පැවසීය.

ශී‍්‍ර ලංකා නිවුන් සංගමය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ නිවුන් සංස්කෘතික සංදර්ශනයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘මම ඉතා ආඩම්භර වෙනවා මේ වාගේ දැවැන්ත නිවුන් ප‍්‍රජාවක් එක තැනකට ඒකරාශී කිරීම ගැන. අද මෙතන නිවුන් ස්වාමීන් වහන්සේලා, මෙහෙනින් වහන්සේලා, නිවුන් පූජකතුමන්ලා, පූජකවරියන්, නිවුන් ආරක්ෂක නිලධාරීන්, නිවුන් වෛද්‍යවරු, හෙදියෝ සියලු දෙනා ඒකරාශී වෙලා තියෙනවා.

එකට උපන්නේ නැති වුණාට දේශපාලනයෙත් නිවුන්නු ඉන්නවා. දැන් පොහොට්ටුව, ශ‍්‍රීලනිපය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය රට වෙනුවෙන් එකට ඉන්නේ. ඒ වාගේම සමහර දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් කෙනකුට තේරෙනවා ඒ ගොල්ලෝ අධිරාජ්‍යය ගැතියි කියලා. ඒගොල්ලොත් එකටමයි ඉන්නේ. ඒ දේශපාලන පක්ෂවල නම් කියපු ගමන් දන්නවා ඒගොල්ලෝ ආවොත් රට විකුණනවා, රට කඩනවා කියලා.

ඒ නිවුන්කම හැදෙන්නේ භාවිතයෙන්. ඒ නිසා ජාතික නිවුන් දිනයක් ප‍්‍රකාශයට පත් කරන්න  ඕනෑය කියලා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ පිළිබඳ අපි අවශ්‍ය ක‍්‍රමවේදය අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා‘‘ යැයි අගමැතිවරයා පැවසීය.

නිවුන් සහෝදර සහෝදරියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 1996 වර්ෂයේ පිහිට වූ ශී‍්‍ර ලංකා නිවුන් සංගමයේ වර්තමාන සාමාජිකයෝ 28000 ක් පමණ  සිටිති.

නිවුන් සහෝදර සහෝදරියන් 8004 කගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වුණු නිවුන් එකමුතුවෙන් වැඩිම නිවුන් එකමුතුව ලෙසගිනස් වාර්තා පොතට ශ්‍රී ලංකාවේ නිවුන් සංගමය එක්වී ඇත.

අද පැවැති මෙම සංස්කෘතික සංදර්ශනයට නිවුන් සහෝදර සහෝදරියෝ 12492 ක්  සහභාගී වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (4)

නිවුන් සංස්කෘතික සංදර්ශනය අගමැතිගේ ප්‍රධානත්වයෙන්

Raveendra Monday, 20 January 2020 05:30 PM

නිවුන් දු දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්.!! මෙම නිවන් දරුවන් වෙනුවෙන් සහ අනාගතේ ඉපදෙන්නට සිටින නිවුන් දරුවන් වෙනුවෙන් අප යෝජනාවක් ගෙන ඒමට කැමැත්තෙමු. සමහර විට එය වැඩිදෙනෙකුට විහිළුවක් ලෙස තේරුම් යනු ඇත. මෙම නිවුන් දරුවන් ලැබුණු දෙමාපියන් එම දරුවන් හදා වඩා ගන්නේ අති මහත් වෙහෙසක් දරා මුදල් අගහිගකම් මධයේ බව අමුතුවෙන් කිවයුතු නැත. ඒබැවින් දියවන්නඔයෙන් නීතියක් සම්මත කරගැනුමට පුළුවන් නම් ඉක්මනින්ම කිසියම් නිත්‍යානුකුලව විවහාවූ යුවලකට නිවුන් හෝ ඊට වැඩි ගණනක දරු සම්පත් ලැබුනොත් අදාළ පියාටහෝ මවට ඔවුන් දැනට ලබන මාසික වැටුප දෙගුණයක් ලෙස ලබාදීම රජයේ සේවය හෝ පෞද්ගලික ආයතනයක සේවය කලත් එසේ වැටුප දෙගුණයක් කිරීමට හැකි නම් එය මෙවන් නිවුන් දරුවන් ලැබූ දෙමාපියන්ට රජයක් විසින් ගනු ලබන වටිනා තීරණයකි. අප විස්වාස කරනවා මෙවන් යෝජනාවකට හදවතක් තිබෙන කිසිදු පුරවැසියකු විරුද්ධ වෙයි කියා. රටේ මුල්පුරවැසියාට මෙම අදහස් කියවීමට හැකි වේවා !!

:       13       68

janahitha Tuesday, 21 January 2020 09:15 AM

රටේ ජනතාවගෙන් 70% පමණ ජීවත් වීමේ අරගලයක නිරත වෙනවා. දරිද්‍රතාවය............ මන්ද පෝෂණය මන්ත්‍රීවරු කනවා බොනවා සැප විදිනවා දුප්පත් ජනතාව ගැන නොබලන මහජන මුදා ගස කන දුෂිතයන් සිටින රටක අපි ජිවත් වෙනවා. දේශපාලනය බදාගෙන ඇත්තෝ කති බොති නැත්තෝ බත්කොළ කති.

:       2       33

RaveendraTuesday, 21 January 2020 01:25 PM

අප රටේ දේශපාලුවන් යනු උපන්දා සිටම අපත වැඩ කිරීම හා පිනටම ගිලීමට යහමින් උගත් උපන් හපන් ජාතියක් බවට අප අමුතුවෙන් කිව යුතු නැත. එවන් පිරිසක් අපේ රටේ රජ කරවීමට ඉන්දියාවෙන් හෝ අමෙරිකාවෙන් පැමිණ මිනිසුන් ඡන්දය ලබා දී නොමැති බවත් ඔබ, මම ,අප මෙන් සියලුම ලාංකිකයන් එහි වගකීම 100% ම බාරගතු යුතු බව කිසිවෙකු කතා නොකරන්නේ මන්ද ? කෙසේ වෙතත් අඩු තරමින් සාපේක්ෂවාදය ඇති න්‍යායන් අනුගමනය කර දේශපාලුවන් තෝරා ගන්නවා හැර වෙන විකල්පයක් තිබේද යන්න ගැටලුවකි.

:       0       10

sihalahanda Tuesday, 21 January 2020 09:20 AM

පුංචි පවුල රත්තරන් කියපු අදූරදර්ශී පාලකයන් දේශපාලන පක්ෂ වලට ඇතුල් පහරකි. නුතන ජාතියේ අවශ්‍යතාව දෙක තුන හතර නොව දහසක් වී ඉපදේවා ! කවුරුන් හෝ කන්න බොන්න දේවි. ඒ නැතත් කමක් නැහැ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site