(අජිත්ලාල් ශාන්ත උදය සහ ආරියරත්න මාමුහේවා)
නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ 2019 වසරට නියමිත අයවැය එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයන්ගේ විරෝධතා මැද එක්සත් ජනතා නිදහස් සංධානයේ සභිකයන්ගේ ද සහාය ඇතිව වැඩි ඡන්ද අටකින් අද (06) සම්මත විය.
සභාපති කුලතුංග ලියනගේ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිවිතිගල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ දී අද (06) පෙරවරුවේ පැවති රැස්වීමේ දී සභාපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කරන ලදී.
එහිදී බලය හිමි ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයන් 14 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන සභිකයන් දෙදෙනා අයවැයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළේ ය.
එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 7 දෙනා සමඟ ජනතා විමක්ති පෙරමුණේ සභිකයාට විරුද්ධව ඡන්දය දුන්නේ. ඒ අනුව වැඩි ඡන්ද අටකින් අයවැය සම්මත වූ බව සභාපතිවරයා නිවේදනය කළේ ය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවිතිගල ප්‍රා.සබේ අයවැය වැඩි ඡන්ද අටකින් සම්මතයි