(ජයන්ත සමරකෝන්)
'කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසන්නට බැහැ.ඉවසීමේ සීමාවක් තිබෙනවා. නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නැහැ. අද දිනය තුළ රට බලාපොරොත්තු වන ඒ දේශපාලන තීන්දුව ගන්නවා' යැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (7) පැවසීය.
පක්ෂය හැරගිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කීය. ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්රහණයෙන් ඇත්වෙමින් සිටින බවද, ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඉදිරියේම සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
තමා පක්ෂය හැරගිය හැමවාරයකදීම රිෂාඩ්, හකීම්, සුමන්තිරන් මෙන්ම රාජිත, රවී,ජෝන් ඇතුළු කණ්ඩායම තම නිවසට වරින්වර එවා ලබාදුන් පොරොන්දු, කළ කී දෑ සිදුකළ සාකච්ඡා පිළිබඳ ආන්දෝලනාත්මක හඬ පට හා සීසිටිවී දර්ශන රැසක් තමන් සතුව ඇතැයි ද ඔහු කීවේය.
කොළඹ 8 කාසල්වීදියේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී එහු මෙම කරුණු අනාවරණය කළේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ එන්නත් එපා. ලොකු දෙයක්.
සේනානායක කියන වටිනා නමේ පහරපු වව්ලෙක්. ඉගිලිලා ගිය එකමයි හොඳ. දැන් ඉතින් එහා පැත්තෙ වහයි.
ඔබ එපා.
අතීතයේ පරම්පරාවට උරුමවුන නම කැත කර තමනුත් විනාශ වුන කෙනෙක්.
මේ මනුස්සයා නැති එකම තමා හොඳ. ස්ථීර ප්‍රතිපත්තියක් නැති පුද්ගලෙයෙක් කිසිම පක්ෂයකට තියා රටටත් වැදගම්මක් නැහැ.
ඔබතුමා එන්න පොහොට්ටුවට.
ඉතාම වැදගත් තීරණයක්. ඒත් කොච්චර කලකටද?
මොකද්ද මෙයා රට වෙනුවෙන් කරලා තියන දේ.
එක්කෝ පැනලා කට වහගෙන ඉන්න ඕනේ. මේ අයව ආයෙමත් පත් කරන්න එපා. මෙය සේනානායක නමට අපහාසයක්. බොහෝ වැදගත් සීයලාට ඉන්නේ මේ වගේ කුජීත මුණුබුරෝ තමයි.
දැන් මොකද අලුතෙන් සහයෝගය දෙනවා කියන්නේ ?
කරුණාකරල මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වෙන්න. ඊට පස්සේ ඕනැ තැනක යන්න. ප්‍රතිපත්තියක් නැති ඔබ වගේ අය අවශ්‍ය නැත.
ආයේ ගන්නෙත් නැහැ.
පසුගිය පාර්ලිමේන්තුවේ දවස් කීයක් කතා කළාද?
කට්ටියත් අරගෙන දැන්මම පනින්න. ගෝඨාභය මහත්මයා දිනුවට පස්සේ ඇවිල්ලා වැඩක් නැහැ.
අලුතින්ම සොයා ගත් රාජකීය පරපුරක ගෙම්බෙක්.
අනේ මහත්තයෝ ඔය ගැන මොකට කතාද? ඕගොල්ලෝ වගේ මිනිස්සු තමා මේ රටට සාප.. කිසිදා කිසි අරමුණක් නැති මිනිස්සු ඕගොල්ලෝ..
අනේ මෙහෙමත් කෙනෙක්. ගෝඨාභය ගාවට යන්නේ මේ වගේ අය තමයි.
අද තරුණ පරපුර ඔබට කතිරේ ගහන්නේ නැහැ. ඔය කොහාට පැන්නත් අනාතයි. දැන් තියෙන්නේ ගෙදරට වෙලා ඉන්න.
මෙයාත් විජේදාසත් කාටත් හිසරදයක්.
මේ හාදයට ඡන්ද කීයක් තියෙනවද.?
ඔබනම් දේශපාලනයට කෙසේවත් සුදුසු නැත.
කියක් හම්බ උනාද දන්නේ නැහැ ? අපි දැක්ක එක්තරා නාලිකාවක කියනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරු 10 දෙනෙක් එක්ක මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙන් වෙන්ව ඉතාම " සාර්ථක " සාකච්චා පැවැත්වූ බව. එම සාකච්චා වල අරමුණ වුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරණය ජයගත් පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ප්‍රතිශතයක් සකස් කරගෙන අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කර ගැනීම බවයි කියන්නේ.
දියවන්නාවේ බක බක ගානා ගෙම්බෝ ගොඩයි.
මේ වගේ අය එක පක්ෂෙකටවත් ගන්න හොඳ නෑ. ඡන්දෙ දෙන්නත් එපා.
ලොකු දෙයක්. දූෂිත පවුල් පාලනේ බලලෝභී බඩගෝස්තරවාදීන්ගේ සාටකේ එල්ලිලා ගොඩයන්න හිතාගෙන ඇති...
සේනානායකලාට මොලේ පැදිලා.
රටේ පවට ජනිත වූවාට කරන්නට දෙයක් නැත..
මේක තමයි අන්තිම පැනිල්ල... ලබන පාර මෙයාට නෝ චාන්ස්...