IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාවිකයන් ගමන් ගත් බෝට්ටුවක් පෙරළෙයි

(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)

වෙරළ ආරක්ෂක බළකායට අයත් නවික හමුදා සෙබළුන් පස් දෙනකු ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් එහි සිටී නාවික සෙබළුන් පස් දෙනෙකුගේ දිවි බේරාගැනීමට අලුත්ගම ජල ක්‍රීඩා සහ ජීවිත ආරක්ෂක තරුණයන් පිරිසක් අද පස්වරුවේ සමත්ව ඇත.

බලපිටිය ජීවිත ආරක්ෂක බළකායට අයත් නාවික නිළධාරීන් පස්දෙනකු මොරගල්ල ජීවිත ආරක්ෂක ඒකකය දක්වා ගමන්ගත් බෝට්ටුවක් අලුත්ගම කලුවාමෝදර මෝය ආසන්නයේ දී පෙරලී ඇති බව සදහන් වේ.

බෝට්ටුව පෙරලීමෙන් පසු එහි සිටී නාවික සෙබළුන් පෙරලීගිය බෝට්ටුවේ එල්ලී සිට ඇති අතර එය දුටු අලුත්ගම දියකාවා ජල ක්‍රීඩා සහ ජීවිත ආරක්ෂක ආයතනයේ ජෙට් ස්කි යාත්‍රා දෙකක් සහ තවත් පෞද්ගලික ජෙට් ස්කි යාත්‍රාවක් ක්ෂණයකින් ස්ථානයට ළගාවී තිබේ.

අසල සිටී ධීවරයින්ගේ සහ මොරගල්ල ජීවිත ආරක්ෂක නිළධාරීන් ගේද සහය ඇතිව කඹයක් ආධාරයෙන් නවික සෙබළුන් බේරාගත් බව සිද්දියට මුහුණදුන් නිරෝෂන් ප්‍රනාන්දු පැවසීය .

 



අදහස් (0)

නාවිකයන් ගමන් ගත් බෝට්ටුවක් පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site