(අංජුල මහික වීරරත්න)
න්‍යෂ්ටික සහ අනෙකුත් විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැලැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අදාල ගිවිසුම සඳහා පිළියෙල කරනු ලැබ ඇති කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව යන ආයතන වල නිරීක්ෂණය සහ නීතිපතිගේ අවසරය ලබාගෙන තිබේ.
ඒ අනුව යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රුසියවේ රොස්ටෙක් සමාගම එක්ක ලංකාවෙ පරමාණුක බලශක්ති අධිකාරිය ලංකාවෙ හදන්න යොජනා කරපු න්‍යෂ්ටික බලාගාරයට මොකද වෙන්නේ........ ඕක අත්සන් කලාට පස්සේ ලංකාවට ඇමරිකාවෙන් ඇර න්‍යෂ්ටික බලාගාර ගන්න බැරිද මේවත් හොයලා ලියන්න.