(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බවත් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ.
මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකාර සෙබළා ඔහුට ද පහර දී ඔහුගේ ගැබිණි බිරිඳගේ උදර ප්‍රදේශයට ද වැරෙන් පා පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
පා පහර කෑමට ලක් වූ සිවු මස් ගැබිනිය බිම ඇද වැටී ඇතැයි ද පැවසේ ගැබිණි කාන්තාවට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අයෙකි.
ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටි. ඒ. ඩී. ටී. සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී. එස්. ප්‍රියංග මහතාගේ ප්‍රධානත්වයෙන්මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අමනයන්ද හමුදාවේ ඉන්නේ? මුන්ට විනය කියල දෙයක් උගන්වන්නේ නැද්ද?
රණ විරුවන් කියමින් ඇතැම් දේශපාලකයන් ආරක්ෂක හමුදා සාමාජිකයන් මුරුංගා අත්තේ තිබ්බා.හොඳ අය ඉන්නවා. ඒ අයගේ සිත් නොරිදේවා.ඒත්,ඇතැම් දෙනා සිවිල් සමාජයේ හැසිරෙන්නේ කුලප්පු වූ ගවයන් මෙනි.ඊට වඩා දෙයක් ඔවුන් ගැන කියන්නට බැහැ.රටක වටිනාම පුද්ගල කොට්ඨාශය වන්නේ සාමකාමී නිරායුධ සිවිල් පුරවැසියන්. ඒත්,රණවිරු ගාය රෝගය වැළඳුණු මෙවන් නරුමයන් මින් ඉදිරියට හෝ ඇති නොවීමට සියලුම ආරක්ෂක හමුදා වගබලා ගැනීම වැදගත්.රටක ආරක්ෂක හමුදා ගෞරවනීය තැනක් හිමිකර ගන්නේ මෙවන් නරුමයන් නිසා නොව හොඳ විණයක් ඇති ඉඳුරන් දමනය කළ සංවර නිලධාරීන් නිසා බව කිව යුතුයි.අද රටට අවශ්‍ය වන්නේ,එවන් සංවර විනය සහිත හොඳ නිලධාරීන්.
ෆෝසස් වල භාගෙට භාගයක් ඉන්නේ සත්තු
දැන් ඉතින් අර ලංකාවෙ හරක් ටික මුළු හමුදාවටම පස් පඩංගුවේ බැනලා මේකේ කොමෙන්ට් වපුරයි.
ප්‍රවෘත්ති වල හොඳ දේවල් දාහක් කරත් ඒවා පුංචි ආටිකල් එකක පොඩි අකුරෙන් පල වන අතර, එක කාලකන්නියෙක් කල වැරැද්දක් හෙඩ් ලයින් බවට පත්වේ. ඉන් පසු මෙය සමස්ථ නාවික හමුදාවේම වැරැද්දක් ලෙස රැඩිකල් කුඩ්ඩන් තප්පුලනු ඇත.
අමු කාලකන්නියෙක්.
රණවිරුවා කරලා තියෙන්නේ හොඳටම…
මෙ ප්‍රව්‍රතිය සමජගත කරපු ආකාරයයි නිවැරදි වෙන්න උවමනායි එක් තැනැත්තෙක්ගෙ පුද්ගලික වරදක්. එම තැනැතා නියොජනය කරන නියදියකට බලපාන ලෙසට ම්තෘකා හෝ ප්‍රව්‍රති ඉදිරිපත් නොකිරීමට මාද්‍යය වගබලාගත යුතුයි.