(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තලෙයිමන්නාරම ඌරුමලේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන නාවික සෙබළකු නිදි ඇඳ මතම මියගොස් සිටියදී සොයාගත් බව තලේමන්නාරම මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිටී 31 හැවිරිදි දිනේෂ් මදුෂාන් ජයසේකර නැමැති නාවික හමුදා සෙබළෙකි.
මෙම නාවික සෙබළා ඊයේ උදෑසන රාජකාරියට වාර්තා කිරීමට යෑමට නොපැමිණි නිසා නිලධාරීන් ඔහුට කතා කිරීමට ඔහු නිදාගෙන සිටි ස්ථානයට ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම නාවික සෙබළා අවදි නොවූ නිසා පරීක්ෂාකර බැලීමේදී ඔහු මියගොස් ඇති බව දැක ඒ බව පොලීසියට පැමිණිලි කර ඇත.
මියගොස් සිටින නාවික සෙබලාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd