IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නවක වෛද්‍යවරුන් 475 ක් සීමාවාසික පුහුණුවට

(නිමල කොඩිතුවක්කු)

නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී අද (1) සිදු කෙරිනි.

පත්වීම් ලබාගත් නවක වෛද්‍යවරුන් දිවයින පුරා රජයේ රෝහල් 68 ක වර්ෂයක පුහුණුව සදහා අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත  ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙල යටතේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රධානය කෙරෙණි.

වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිම කරන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියට ලක් කෙරෙන අතර, අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව එම නිලධාරින්ට පවතී.

මේ වනවිට වෛද්‍යවරු 30,000 කට අධික පමාණයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි. 



අදහස් (1)

නවක වෛද්‍යවරුන් 475 ක් සීමාවාසික පුහුණුවට

සනත් ද සුන් Monday, 01 July 2024 10:27 PM

රජයේ සේවයේ යෙදෙන වෛද්‍යවරු සංඛ්‍යාව 20000. වසරකට රජයේ සේවයට එකතුවෙන වෛද්‍යවරු සංඛ්‍යාව 1000 පමණ. විශ්‍රාම යන සංඛ්‍යාව 250 සහ රට හැර යන සංඛ්‍යාව 700 - 800 පමණ නිසා වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දැනට ස්ථාවරයි. නමුත් ඉල්ලුමට සැපයුම මදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site