(නාලක සංජීව දහනායක)
නවක වදයට මුහුණ දීමට සිදුවන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (9) පැවැසීය.
එය ඉතා නරක තත්ත්වයක් බව කී ජනාධිපතිවරයා එවැනි ක‍්‍රියාවලට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි යැයිද කීය.
අරලියගහ මන්දිරයේ අද (9) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
දියුණු රටවල තරුණ තරුණියන් වයස අවුරුදු 20 වනවිට උපාධිය ලබාගෙන රැකියා සඳහා යොමුවන බව කී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාගය සමත්වන සිසුන්ට සරසවියට ඇතුළත්වීමට වසර ගණනාවක් බලාසිටීමට සිදුවන බවද සඳහන් කළේය.
එසේ සරසවි පිවිසෙන සිසුන්ට යම් යම් හේතු නිසා උපාධිය ලබාගැනීමට තවත් වසර ගණනාවක් සරසවියේ ගතකිරීමට සිදුවන බවද හෙතෙම පැවැසීය.
එම ක‍්‍රමය වෙනස්කිරීමට කාලය එළඹ තිබෙන බව කී ජනාධිපතිවරයා එම වෙනස්කම් කිරීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.






( ඡායාරූප- ඉෂාන් සංජීව )
COMMENTS
මේ විදියට අසරණ උදවියට වද දීලා සතුටු වෙන්න තරම් මේ නරුමයින්ට, මොකක්ද ලැබෙන සහනය? තමන්ගේ චණ්ඩිකම් පෙන්වන්න අසරණ මිනිසුන් යොදාගන්නවා. ඔයතරම් චණ්ඩිනම් උසාවි යන්න බය වෙන්නේ අැයි?
නවක වදය දෙන අයට මරණීය දණ්ඩනයම දෙන්න........
අතිගරු ජනාධිපතිතුමනි, රටේ සියලුම දැවෙන ප්‍රශ්න පිළිබදව ඔබතුමා සොයා බලා සුදුසු පියවර ගනිමින් පවතිනවා. අපි ඒ පිළිබදව ඔබතුමාට ස්තුතිපුර්වකව ගරු කරනවා. මේ වගේම සහල් මෝල් වල සිද්ධවෙන අක්‍රමිකතා පිළිබදවත් සොයාබලා නිසි පියවර අරගෙන ඔවුන්ගේ ඒකාධිකාරිය බිදදමලා මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ කුස්සියේ ගින්දර නිවලා දෙන්න ඔබතුමාට ගොඩක්ම පින් සිද්ධ වේවි.
රටටම සෙතක් වන බව සහතිකයි. ඒකයි පිටරටවල සිටි අපි පොදි ගැහීගෙන ඇවිත් ඡන්දේ දීලා නැවත ආවේ. කිසිම පෞද්ගලික වාසි බලාපොරොත්තු නැත. රටම එකට නැගිටිය යුතුයි.තෙරුවන්ගේ , සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයද ලැබේවා !
සමහරු පොලීසියත් දාලා රට යනවා.....
ජනාධිපතිතුමනි, බුද්ධි අංශය යොදවා මේ කඩාකප්පල් වැඩ නවත්වන්න.
නවක වදය සහමුලින්ම තුරන් කළා නම් එම කර්තව්‍යයට හවුල්වන සියල්ලන්ටම මෙලෝ පරලෝ වශයෙන් වැඩ සිද්ද වනවා නොඅනුමානයි.
එ් වගේම තමයි සුදු වෑන් නිසා ගොඩක් ලංකාව අතහැරලා යනවා.
විදේශ රටවල්වල ඉහළම පෙලේ විශ්වවිද්‍යාලවල පවා තෝරාගත් පන්ති ඔන්ලයින් ක්‍රමයට පවත්වනවා. මේ පළමු වසරේ සමහර පන්ති දේශනයකට පමණක් සීමාවූ ඒවා... මේ දේශන පන්ති ඔන්ලයින් ක්‍රමයට ගෙදර සිට නැති නම් අන්තර්ජාල පහසුකම් සහිත ග්‍රාමීය පුස්තකාල හරහා ලබාදීමට පුළුවනි. එමගින් ජාතික ධනය ඉතිරි වනවා මෙන්ම මේ නවකවදයටත් පිළියමක් විය හැකියි. එමගින් සමහරක් සමාජයීය ප්‍රශ්නද විසඳනවා. එහෙත් මුළු පාඨමාලාවම ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීමෙන් නම් මනා ප්‍රමිතියකින් යුතු උපාධි ලැබෙන්නේ නැහැ. මේ නිසාම බොහොමයක් පිළිගත් විශ්වවිද්‍යාල සිසුන් හුවමාරු කිරීමේදී පූර්ණකාලින ඔන්ලයින් පාඨමාලා පිළිගැනීම සිමාකර තිබෙනවා. නොඑසේ නම් මුළුමනින්ම නවතා දමා තිබෙනවා.
ජනාධිපතිතුමනි, දැන්වත් ඒ අසාධාරණය නතර කරමු. ඒ පිළිලය සදහටම ඉවත් කරමු. ඉවසුවා ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ විනයගරුක රටක් වගේම විනයගරුක විශ්වවිද්‍යාල පද්ධතියක් මේ රටේ..
ජනාධිපතිතුමනි, මේ සඳහා ඔබතුමාගේ අවධානය යොමුවීම සම්බන්ධව ඉතාමත් සතුටු වන අතර සමස්ථ රටවැසියාගේම ස්තුතිය සහ ගෞරවය ඔබතුමාට ලැබෙනු ඇත.
කාලකන්නි නවකවදය නවත්වන්න ඔබතුමා ගත්තු තීරණය අගය කළයුතුයි. මෙවැනි දේවල් අපේ රටේ සිද්ද වෙන එක ගැන අපිටම ලැජ්ජයි.
කොල්ලන් ටිකක් පොත් දීලා විශ්ව විද්‍යාලයට යැව්වා නම් නවකවදේ දවසෙන් ඉවරයි..
මගේ දුවට A 3ක් තිබුණත් සරසවි යන්න අකමැති වුනේ මේ හේතුවට...
මේ නිදහස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල පවත්වාගෙන යාමට මුදල් දෙනවා වෙනුවට ඇමෙරිකාවේ වැනි රටවල වගේ සිසුන්ට කැමති තැනකින් කැමති පාඨමාලාවක් හැදෑරීමට මුදල් දෙනවා නම් ඔවුන් මේ නවක වාදය දෙන ආයතන මගහැර වෙනත් ආයතනවලට ඉගෙනීමට යයි. එවිට ක්‍රමයෙන් නවක වාදය දෙන ආයතනවල ශ්‍රේණිය පහත වැටුණාම මේ නවකවදය වළක්වා ගැනීමට ඒ ආයතන බලධාරීන් කටයුතු කරයි. රජයෙන් කෝටි, ප්‍රකෝටි ගණනක් වැයකොට ඉගෙනීමේ දක්ෂයන් බිහිකොට නොමිලේ ඉගෙනගෙන රටට වැඩදායි ශ්‍රම හමුදාවක් බිහිකිරීමට යද්දී එය කඩාකප්පල් කරන්නවුන්ගෙන් එම මුදල විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව හෝ අය කරගත හැකිවන නීතිරීති සම්පාදනය කළ යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය ඔවුන්ගේ විශ්ව විද්‍යාල වාර්තාවට ඇතුළු කළ යුතුයි.
නවකවදය දීපු නැතිකර තිබූ ජපුරේ නවක වදය නැවත ඇතිකරපු එක්කෙනා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති කරගත්තාම කොහොමද ඔය කියන දේ නවත්තන්නේ.
ජනපතිතුමනි, කරුණාකර මේ විකාර නවක වදය ලංකාවේ විශ්ව විද්‍යාල තුලින් ඉවත් කර දෙන්න. මෙහෙම බහුභූත දියුණු රටවල නොමැත.
නවක වදය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. දෙවනුව සියලුම දේශපාලකයින්ට සියලුම විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපය ආයතන තහනම් කළ යුතුයි. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සියලුම ශිෂ්‍යයන් පිළිබදව දෙමාපියන් සොයා බැලිය යුතුය.
වසර නොවෙයි දසක ගණනාවක සිට කතාවට පමණක් සිමාවී ඇති අපේ දක්ෂ දු දරුවන්ගේ තරුණ කාලය විනාශ කරන මේ ප්‍රශ්නයට මේ පාර නම් ඔබතුමා විසදුමක් දෙවි කියන එකයි අපේ විශ්වාසය..
ජනාධිපති තුමනි අපිට එම්.සී.සී ගිවිසුම නම් එපා. අපේ රටේ දුප්පත්කම තිබුනට අපි වංශවත් හා අභිමානවත් ජාතියක්. අපේ පෞඪත්වයත් කෙලෙසී යාවි මේ ගිවිසුම නිසා. මේ ගිවිසුම අත්සන් කිරීමට ඉඩ නොදෙන්නඅපේ රට කුරිරු යුද්ධයෙන් මුදවා ගත් අපේ එඩිතර අප්පච්චි................................
රුහුණේ වාගේ බය නැති උපකුලපතිවරුන් නිර්මාණය කරන්න. දැන් රුහුණේ ඔය මුකුත් නෑ. බය නැති අය පත් කරන්න.
නීතියේ ප්‍රකාර ඔය නවක වදකයින් දෙන්නෙක් විතර බරපතල වැඩ සහිතව වසර දෙකකට හිරේට යැව්වානම් ඕවා නිකම්ම නවතියි.
මෙය සාහසික ලෙස ප්‍රබන්ධ කළ බොරුවකි. අපිද විශ්ව විද්‍යාල වල නවක වදයට පාත්‍ර වූවෝ වෙම්හ. නවක වදය පවතිනුයේ දවස් කීපයක් පමණි. නවක වදයට පාත්‍ර වූවන් දින කීපයක් ජ්‍යෙෂ්ට සිසුන්ගේ විහිළු වලට පාත්‍ර වූ පසු ජ්‍යෙෂ්ට සිසුන් සමග අත්වැල් බැඳගෙන යන සැටි අවශ්‍ය නම් ඔබලාට දැකිය හැකිය. විශ්ව විද්‍යාලයේ සිසුන්ට මෙය මිත්‍රත්වය ගොඩ නැගීමේ එක් විනෝදාත්මක පියවරක් පමණි.
එපමණක් නොවේ පිටරට ක්‍රමයටම තනතුරු කොන්ත්‍රාත් ක්‍රමයට ඇති කරානම් රටට හුගක් වැඩ වෙනවා. අපේ විශ්ව විද්‍යාල දැන් තියෙන්නෙ ශ්‍රේණිගත කිරීම අනුව හුගක් පහළ..........
ඒ විතරක් නෙමේ ජනපතිතුමනි, සරසවියට ගිහිල්ලා ඒක අතරමගදී දමලා යන , පුද්ගලික සරසවි තෝරාගන්න ගණන ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඔබතුමාට විතරයි පුළුවන් මේ මන්ද මානසික ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න. ඒක මේ අලුත් අධ්‍යයනවාරයෙන්ම පටන්ගන්න ඔබතුමාට හැකිවේවා කියල පතනවා ! මහාචාර්ය සුජීව අමරසේනලා වගේ කොන්දක් තියන අන්තරේ "අයගෙන් " "ගේම" ඉල්ලන උපකුලපතිතුමන්ලා ඔබට උදව් කරාවි ! ජයවේවා !
නවක වදේ දෙන අයට දැඩි දඬුවම් දිය යුතුයි.
ඉතා හොඳ, කළ යුතුම වැඩක්. අපි විශ්වවිද්‍යාලයට ඇතුළුවුනේ 70 දශකයේ අග භාගයේදි. ඒ් කාලෙදිත් බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලයෙන් පිටවුනේ වයස 22- 23 දි. ඒ් අනුව මෙය කළ හැකි දෙයක්.
ඔය ඊයේ පෙළපාලි අාපු 80% වත් දේශනා වලට එන් නැති ඈයොන්ට ඔය බව කියන්න.
අතිගරු ජනාධිපතිතුමනි, අපේ රටට අතිමහත් ව්‍යසනයක්, අතිමහත් විනාශයක් හා විශාල පිළිලයක් වෙලා තියෙන විශ්ව විද්‍යාල,උසස් අධ්‍යාපන ආයතන පමණක් නොවෙයි රටේ බොහෝ තැන්වල ජඩ, මන්ද බුද්ධිකයින් පිරිසක් විසින් මෙහෙයවන හා කරන නවකවදය කියන මේ අධම ක්‍රියාව කවදා නතරවේදෝයි අපේ රටේ බහුතර ජනතාවක් සිතමින් සිටින වෙලාවක එය සහමුලින්ම නතර කිරීමට ඔබතුමා ගත් මේ සෘජු ක්‍රියා මාර්ගය අති විශිෂ්ටයි.
මේ නවක වදය කියන්නේ සිංහල බොදු රටේ තරුණයන්ගේ පිරිහීම රටටම හුවා දැක්වීමක්. අනෙක් ආගම් අදහන දියුණු රටවල් වල උසස් ඉගෙනීම් ලබන තැන් හරිම වෙනස් . කෙසේ වෙතත් ලෝකේ අනෙක් විශ්ව විද්‍යාල හා සසදනවිට අපි ඉන්නේ සිය ගණනක් පිටුපසින්. අපේ විනය ඉතාම පහත මට්ටමක තිබෙන මේ අවධිය සෝචනීයයි. මේ දේශපාලන සමාගම්, සමිති, ශිෂ්‍ය සංගම් සියල්ල අහෝසිකර ඉගෙනුමට තැන දී, නවකයන්ගේ ආරක්ෂාවට හමුදා භටයන් හෝ පොලිසියේ සහය ඒ කාලයටවත් ලබා දෙනවානම් ඉතාම ඵලදායකයි. නවක වදය දී අසුඋන විට වහාම නෙරපා දමා ඒ වෙනුවට ලකුණු අඩු අය වහා ඇතුල් කිරීම යහපත්.
ලංකාවේ ඉහල පෞද්ගලික පාසලකට ගිය දරුවකු 2018 උසස් පෙළ විභාගයෙන් සමත්ව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරුනත් නවක වදය නිසා ඔහු ගියේ නැත. දක්ෂ දරුවෙකුට විශ්ව විද්‍යාල යාමේ අයිතිය අහිමි වුනා.
කවුද ගණන් කළ ? කමල්ද, විමල්ද?
නියමයි. නියමයි. මගේ සහෝදරයාට 2001 වසරේ සරසවි වරම් ලැබිලත් නවක වදය නිසා ඒක අත හරින්න උනා. නැවතත් එවැනි අසාධාරණයක් කිසි කෙනෙකුට වෙන්න දෙන්න එපා. නවක වද වදකයින්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න.
ජනාධිපතිතුමණි, මේවට සම්පුර්ණයෙන්ම වග කිවයුත්තේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බල මණ්ඩලයයි. කරන්න තියෙන එකම දේ මේ කාළකණ්ණී මනසික ලෙඩ්ඩුන්ගෙ සංවිධානය සියලුම විශ්වවිද්‍යාලයන්ගෙන් තහනම් කරලා දාන්න ඕනි. එහෙම නැත්නම් එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්නකොට කළා වගේ එකා උස්සගෙන ගිහිල්ලා අතුරුදන් කරන්න ඕනි.
නගුටට ඕන විදියට බල්ලා නටවපු විශ්ව විද්‍යාල ක්‍රයට තිත තියමු. ඔබතුමා හැර වෙනත් කිසිදු කොන්ද පන තියෙන පාලකයෙක් නෑ මේ ප්‍රශ්නේ විසඳන්න. කරුණාකරලා මේ වදකයන්ගෙන් අපේ දරුවන්ගේ ජීවිත හා අධ්‍යාපනය ආරක්ෂා කරලා දෙන්න. ඔබතුමාට පින්.
මගේ මල්ලිත් නවකවදය නිසා විශ්ව විද්‍යාලයට ගියේ නැහැ.
එහෙනම් ඔයා මොන හරි කරන්නකෝ..........
මේ 2000 ගැන හිතා නවක වධකයින්ට සුදු වෑන් ට්‍රිප් එකක් දෙන්න. ඉබේම නවක වදය නවතීවි...
මාසතුනක් පරණ ළමයින්ට සරසවි වහලා අලුත් ළමයින්ට සරසවි පටන් ගන්න. මේක අවුරුදු දෙකක් කළොත් ප්‍රශ්නේ අවසන් අාසන්නම අවුරුද්දේ ළමයි තමයි අලුත් කණ්ඩායමට රැග් කරන්නේ...