IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව සංවර්ධන ව්‍යාපෘති අරඹන්න හයිය ලැබුණා

(අංජුල මහික වීරරත්න)

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවසන් කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බව  ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා කීය.

ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා  මෙතෙක්  අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් ‍කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අද (27) උඩුගම්පළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

 



අදහස් (14)

නව සංවර්ධන ව්‍යාපෘති අරඹන්න හයිය ලැබුණා

sene Thursday, 27 June 2024 02:41 PM

ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා' වැඩේ හරි අයෙත් දෙමු ලට්ටි පැලෙන්න. ජම්මෙට වඩා පුරුද්ද ලොකුව් කියන්නෙ නිකන්ද .

:       57       28

Achini Thursday, 27 June 2024 03:14 PM

සංවර්ධනය කරනවා කියමින් මුදල් කොල්ලකෑමට බලයි. උසාවියෙන් ඔහු වැරදිකරුවකු ලෙස තීන්දු කරන ලදී

:       47       21

PATTA hora Thursday, 27 June 2024 03:16 PM

අනේ ද බං, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්. කප්පන් අරගෙන උසාවියෙන් දඬුවම් ලැබූවෙක් මේ. තමුසේ වගේම ලොක්කා මහ බැංකුව කොල්ලකෑවා. අපිට බණ දෙසන්නේ නැතිව ජම්පරේ ඇඳගන්න ලෑස්ති වෙයන්.

:       46       19

අරවින්ද මොනරවිල Thursday, 27 June 2024 03:16 PM

ඔව් උබලට තව තවත් හොරා කන්න නැති නාස්ති කරන්න ඉඩ ලැබූණා කියලා සතුටු වෙයල්ලා තව මාස තුන හතරක්, ඊට පස්සේ පොලියත් එක්ක වන්දි ගෙවන්නත් සූදානම් වෙලා.

:       51       21

රෝයි ෆෙඩ්රික්ස් Thursday, 27 June 2024 03:33 PM

ඔව් ඔව් නැතුව නැතුව . උඹලා කොයි තරම් කළාද ?ඒ මදිවට කයිවාරුත් කෙලිනවා යකෝ මිනිස්සු රෙදි අදින්නේ විලි ලජ්ජාවට . තොපි ඒකවත් දන්නේ නැහැ

:       48       19

Prabha Thursday, 27 June 2024 03:42 PM

දහයෙන් 5.8 කියන්නේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ

:       13       16

Chandima Thursday, 27 June 2024 03:43 PM

මාර ජොලි නේද? දැනටම මෙයා සංවර්ධන ව්‍යාපෘතිය පටන් අරන් නේද? මින්නේරියට අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් තව කොහෙද ක්‍රීඩා පිට්ටනියක් මේ යන විදියට මේ පාරත් ණය අරන් සුද්දයක් දෙන්න වගේ යන්නේ?

:       55       19

Saliya Thursday, 27 June 2024 04:08 PM

ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා කීය...!

:       11       3

විජිත් Thursday, 27 June 2024 04:10 PM

කප්පම් අරගෙන උසාවියෙන් ඇපපිට ඉන්න, ගඳගහන, නොන්ඩි බඩාට කාලෙකින් හොඳ ජරාවක් කන්න අවස්ථාවක් ලැබිලා. ඔබලා කාපු ඒවා ඔක්කෝම පොලියත් එක්කම ළඟදීම වමාරන්න වෙනවා ...!!!

:       35       6

සෙනෙවිරත්න Thursday, 27 June 2024 04:35 PM

මෙතැන මේ ඇඟ බැඳලා ඉන්න පුද්ගලයාගේ කතාවට එරෙහි ප්‍රකාශ වලට ඩිස්ලයික් දාපු ප්‍රමාණය දැක්කාම මඩ කල්ලිය වැඩට බැහැපු බව පේනවා. ඒක නිසා යහපත් රටක් හදන තැනට ජනතාව දැනුවත් කරමු.

:       36       7

amila Thursday, 27 June 2024 05:15 PM

සංවර්ධන ව්‍යාපෘති වෙනුවට අපනයන ව්‍යාපෘතිවලට අපනයන ව්‍යවසායකයින්ට, විදේශ රැළිය උත්පාදන පාඨමාලා වලට, වියදම් කළොත්, දුන්නොත් නරකද?

:       0       3

Kalum Thursday, 27 June 2024 05:29 PM

කප්පම් නැද්ද? කප්පම්... අසික්කිත, නරුම කාලකණ්ණි.

:       41       6

Hafeel Thursday, 27 June 2024 05:31 PM

රටේ ණය ප්‍රතිව්‍යුහගත කළා කියලා සහ තවත් කල් ගත්තයි කිව්වාට කොහොමද රට බංකොලොත් බවින් මිඳුණා කියලා කියන්නේ? ඒ කියන්නේ තාම රට ණය මිස ණය අඩුවෙලා නැහැ. අනික IMF එක දෙන්නෙත් ණය මිස ආධාරයක් නොවේ. රටේ ණය බර තව තවත් වැඩි වෙලා. මේක ඕනේම පොඩි ළමයකුටත් තේරනවා. තවද මෙයා කියන්නේ නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කියලා. ඒ කියන්නේ මේ රනිල්ගේ ආණ්ඩුව ණය ගන්නවා මිස, රටේ දූෂණ නැති කරලා, රටේ සම්පත්වලින් සහ ශ්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරන එක නොවේ.

:       38       9

Nimmi Thursday, 27 June 2024 06:06 PM

හරිම තේරුම "ආයෙත් ගසාකන්න හයියක් ලැබුණා"

:       36       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site