(නිමන්ති රණසිංහ)
කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළ හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩ(ර්) චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘‘නේවි සම්පත්’’ ලබන 10 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට අද (27) දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී ඇති බවත් සැකකරුවන් 17 දෙනාගෙන් 14 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරිමට නිතිපතිවරයා පියවර ගෙන ඇති බව නිතිපතිවරයා දැනුම් දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටිමින් ලූතිනන් කමාන්ඩ(ර්) සම්පත් මුණසිංහ, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික හමුදා බුද්ධි නිලධාරී නලින් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු ලූතිනන් කමාන්ඩ(ර්) චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’, සංජීව ප‍්‍රසාද් තිලංග සේනාරත්න, උපුල් චමින්ද නොහොත් ‘‘අන්නාචි’’, නන්දපි‍්‍රය හෙට්ටිහැන්දි, වර්ණකුලසූරිය ඇන්ටන් ප‍්‍රනාන්දු, සම්පත් ජනක කුමාර, සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයවලූන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී දක්නට ලැබෙන "සද්භාවය" විසින් අවශ්‍ය කටයුතු කරනු ඇත. එවිට කිසිත් නොදන්නා සේ කල්ගත කළහැකිය.
ගරු අධිකරණයට අපි ගරු කරමු.