
(නිමල කොඩිතුවක්කු)
ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බැවින් රට තුළ ඉන්ධන බෙදා හැරීමේ කිසිදු ගැටලුවක් පැන නොනගිනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලියට ඇහුම්කන් දීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම නව සූත්‍රය තෙල් සංස්ථාව ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇති බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
“තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය කාළයකු තුළ ලබාගත් මුදල අනීතිකයි කියළා තහවුරු වුණා. මේ අධිකරණ තීන්දුව තෙල් සංස්ථාව විසින් නිවැරදි මොහොතේදි ක්‍රියාත්මක නොකිරීම නිසා රුපියල් බිලියන 37 ක පමණ මුදලක් කොමිස් ලෙස ඒ අයට ලැබී තිබුණා. එම අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරමින් බෙදුම්කරුවන්ට යම් කොමිස් මුදලක් ලබාදිම සඳහා තෙල් සංස්ථාන නව සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමත් සමග මෙම අර්බුදය මතුවුණා.
ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්නට එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ඒ එකඟතාවය අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එම කරුණු සාකච්ඡා කිරීම සඳහා තෙල් සංස්තාව හදුන්වා දුන් නව සූත්‍රය ක්‍රියාත්මක වෙන අතරේ බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් 18 වැනිදා උදෑසන සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නැහැ. බෙදුම්කරුවන් එම සූත්‍රය අනුව කටයුතු කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ස්ථාවරය වෙනස් නොකිරීම ගැන රජයට ස්තුතිය පුද කරමි. එසේම වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයටද යමක් කරන්න, අපි සැවොම ඔබ සමගයි.....
බැරිද ඔය වගේම අර ඒ දවස්වල මයික් පලමින් කියපු කාංචනට යන සීයට ගාන නවත්තලා අපට පෙට්‍රල් ඩීසල් ටිකක් රුපියල් 150/-කට දෙන්න?
අනීතිකව ලබාගත් මුදල් දැන් රෝල් කරලා තියෙන්නේ කොහෙද?
වල් තාලෙට කැලෑ නීතියකට දුවපු රටක ක්‍රමවත්ව නීතිය ක්‍රියාත්මක කරන කොට පෙර ක්‍රමයකට අසාධාරණව හම්බ කරපු එවුන් කලබල වීම සමාන්‍යයයි. මොකද මොවුන්ට සාධාරණ ක්‍රමයකට හරි හම්බකරගෙන පුරුද්දක් නොමැති වීම නිසා. මෙවැනි සාධාරණ නීතිගරුක ක්‍රමයක් නුහුරු විපක්ෂ දේශපාලුවෝද ජාවාරම් කාරයෝ සමග එකට හිට ගනිමින් පැරැණි අසාධාරණ පාදඩ ක්‍රමයම යදිමින් ආණ්ඩු පෙරැළීමට විහිළු සහගත උත්සාහයක නිරත වෙති. ඒ නිසා මේ මාලිමා ආණ්ඩුව ප්‍රශ්ණ එකින් එක විසඳන ආකාරයට සබුද්ධි රට වැසියාගේ පුර්ණ සහාය...!!!
මහජන ආණ්ඩුවට අපගේ සුබ පැතුම්, තක්කඩි වෙනුවෙන් නොවෙයි අසරණ මහජනයා සමඟ සිටි ආණ්ඩුවට අපගේ උපහාර