IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නව සංචාරක ප්‍රතිපත්තියක් කැබිනට් මණ්ඩලයට

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉදිරි සති දෙක ඇතුලත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අද රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතු බව කී හරීන් ප්‍රනාන්දු මහතා නමුත් වර්තමානයේ තනි පුද්ගලයකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළේය.

 



අදහස් (3)

නව සංචාරක ප්‍රතිපත්තියක් කැබිනට් මණ්ඩලයට

ajith Monday, 14 August 2023 11:16 PM

අද රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ පාලනය කළ දේශපාලනඥයින් වගකිව යුතු බව කියන්නා වූ කතාව වැදගත් යමක් නොමැති නිසා කියන්නා වූ ජනප්‍රිය පාටයකි. නමුත් එය දේශපාලන සටන් පාටයක් නොවේ. ඉතිහාසය පිළිබඳව කතාකිරීමෙන් ඵලක් නොමැත. රටේ අනාගතයට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න සිතා කටයුතු කළයුතුවේ. ගැටළු සඳහා විසඳුම් අවශ්‍ය වේ. නිදහසින් පසු වරින්වර රට පාලනය කළ නායකයින් රට පාලනය කරන ලද්දේ මහජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු, යුගයේ අවශ්‍යතාවය මතවේ.

:       0       0

පැරකුම් Tuesday, 15 August 2023 02:00 PM

සංචාරක කර්මාන්තයට පමණක් නොව සියළු රාජ්‍ය ආයතන සදහා මේ අත්‍යාවශ්‍ය ක්‍රියාදාමයකි. එහෙත් එය එසේ නොවීමට හේතුව කවරක්ද? දූෂිත දේශ පාලකයින් සිටින තාක් කල් එය සිදුවීමට ඉඩ නොතබන බව විශ්වාසයි.

:       0       2

සමන් Tuesday, 15 August 2023 02:39 PM

එක පක්ශෙක, එක ප්‍රතිපත්තියක අවුරුද්දක් ඉන්න බැරි ඔබලා හදන ප්‍රතිපත්ති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site