
(ඩයනා උදයංගනී)
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරුණු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි කාර්යාලයේ දී අද (29) පෙරවරුවේ පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු එම ධූරය පුරප්පාඩු වී තිබිණි.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා 2001 වසරේ සිට 2003 වසර දක්වා මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇති අතර හොරණ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස මෙන්ම මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර ඇත.
ඔහු මොණරාගල බඩල්කුඹුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙසත්, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරී ලෙසත් සේවය කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මාස්ක්??? අවවාදයට වඩා ආදර්ශය වටිනවා... නිදහසට කරුණු කොතෙක් තිබුනත් වැරදි ආදර්ශයක්
රටේ දැන් තිබෙන තත්වයට අවශ්‍ය වන්නේ අලුත් සෞඛ්‍ය ඇමතිවරයෙක්.
මොනවා වුණත් බලද්දී දැන් වසංගතය පැතිරීම ඉතා වේගවත්නේ...