






(කේ. ඩී. දේවප්‍රිය)
උදා වූ නව වසර උදාව සමරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදෑසන ඓතිහාසික රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරතවූයේය.
කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ බුද්ධ පුජාමය පිංකමකට එක්වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පිං පැමිණවීමේ අවස්ථාවකට ද එක්විය.
අග්‍රාමාත්‍යවරයා කතරගම දෙවියන්ට පූජා පවත්වමින් ආශිර්වාද ලබාගත්තේය.
රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනන්දාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින් ආගමික වතාවත් සිදුකරන ලදි.
මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් හිටපු මහා අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ, මොණරාගල දිසා ලේකම් ඩී. එස්. පත්මාකුලසුරිය, හිටපු අමාත්‍ය ඒ. පී. ජගත් පුෂ්පකුමාර, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක අංශ නිලධාරීහු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අවුරුද්ද ආගමික කටයුතුවලින් පටන් ගන්න එක හොඳයි. නමුත් පන්සල්,දේවාලවලට හැමදාම හෝ දිනකට තුන්වරක් යන එක නවතන එකත් හොඳයි.
ගරු අගමැති තුමනි, වටේ ඉන්න පිරිස පස් පව්, දස අකුසල් , සහ දුරාචාර වැඩ වලට පොළඹවන්නට ඒවි. එහෙම අය එනකොට මතක් කරගන්න ඔය හිස මත තියාගෙන ඉන්න කරඬුවේ බුදුරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා
වන්දනාකරුවන් අතර රාජපක්ෂ සාමාජිකයන් රොත්තක් ඉන්න බව වට්ටෝරුව දිහා බැලුවම පේනවා!
මගේ රටටත්, අගමැතිතුමාටත් බුදු සරණයි ! කතරගම දෙවි පිහිටයි!
හොඳ බෞද්ධයෙක් නම් පන්සල් ඇතුලේ පාවහන් පළඳින්නේ නැහැ. මෙයා නිකම් නමට බෞද්ධයෙක්. අන්තිම පින්තූරේ හොඳට බලන්න...
මිනිස්සු එළවලු පෝලිම්වල මේ අයට ගාණක් නැහැ. මේකටද බලය ගත්තේ? එළියට බැහැලා ඉන්නේ... හොඳ හොඳ රැඟුම් තව බලන්න බැරිය.
මෙතුමා තරම් පන්සල් වන්දනාවේ යන නායකයෙක් මම ඔය දැක්කාමයි.
මෙතරම් සිල්වත් මනුස්සයෙක් ලංකාවේ නැහැ. පුදුම දේ. ආශාව අත් නොඇරෙන එකයි, කොයිතරම් බන පිරිත් ඇහුවත් හිත වෙනස් වෙන්නේ නැහැ.
දවසකට දහපාරක් පන්සල් ගියත් කමක් නැහැ. මාධ්‍ය සංදර්ශන නැතිව. මොකද ඒවාට වැයවෙන්නේ අපේ මුදල්...