
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව විදුලි පනත සම්මත වීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට තිබෙන බිස්නස් නැති වී යන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විදුලිබල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වූ වෙනත් ආයතනයක් රටේ නැතැයි ද අමාත්‍යවරයා කීය.
නව විදුලි බල පනත ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙසේද කීය.
මේ පනතට අදහස් ගන්න සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා .නමුත් ආවේ කිහිප දෙනෙක් පමණයි.
තිබුන ආණ්ඩුව ගෙදර යවන්නත්, ගෝඨාභයට එරෙහිව ජනමතයක් ගොඩනගන්නත් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය ඉවහල් වුණා.මේ පනත් කෙටුම්පත ගෙන විත් තිබෙන්නේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අද දහ දෙනෙක් එලියට ගෙන්න ගන්න බෑ. සම්පූර්ණයෙන් විශ්වාසය බිඳගෙන. විදුලි සේවකයන් බහුතරයක් මේ සංශෝධන වලට පක්‍ෂයි.
මේ පනත සම්මත වූ පසුව සමහරුන්ට තිබෙන බිස්නස් නැති වෙනවා. ගස් අතු කපන්නේ පවා සබඳතා ලබා දෙන්නේ පවා පෞද්ගලික ආයතන.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව විදුලි පනතින් ඇතුලේ සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා
රංබොඩ Thursday, 06 June 2024 11:54 AM
දුලි බලමණ්ඩලය ඇතුලේ තියෙන හොර ඒකාධිකාරය නම් බිඳින්නම ඕන. සියල්ලන් උගත් වංචනිකයින්.
පිටරටවැසියා Thursday, 06 June 2024 12:28 PM
ඒ වුණාට ඔයාගෙ බිස්නස් නම් ඇමති වෙච්ච දවසෙ ඉඳලම ඉතාමත් සරුයි. එහෙම නේද ?
sachith Thursday, 06 June 2024 12:49 PM
ඉතින් මහත්තයෝ ඔච්චර විනාශයක් කරන කට්ටියව දන්නවානම් ඇයි අධිකරණයක ගිහින් ඔප්පු කරලා ඒ දේපල රාජසන්තක කරන්නේ නැත්තේ ?
අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 01:15 PM
ගල් අගුරු වලින්, තෙල් නැව් වලින් කොමිස් ගැහුව පට්ට හොරු, දැන් හදන්නේ යන යකා කොරහත් බිදගෙන යනවා වගේ සියල්ල විකුණලා කොමිස් කුට්ටි පිටිං ගිලලා රට විනාශ කරලම යන්නයි. ඕවට රැවටෙන්නේ කකුල් දෙකේ මිහරක් විතරයි.
End Game Thursday, 06 June 2024 02:10 PM
විදුලි බලේ ඉන්නේ මොරටු පේරාදෙනිය සරසවි වලින් උපාධි ගත්ත උගත් හොරු
ෆේල් වෙච්ච එකාFriday, 07 June 2024 01:57 PM
ජනමත විචාරණයකට යන්න ඕන විදිහට වගන්ති දාලා අලුත් පනත් කෙටුම්පතක් ගෙනා ඇමතියා තරම් බුද්ධිමත් නැතුව ඇති.
සෙනෙවිරත්න Thursday, 06 June 2024 07:32 PM
මොරටු පේරාදෙනි හොරු නම් ඒ සරසවි වහල දාමු, මෙහෙමත් සරසවි වලට අවලාද නගන්නෙ මජර දේශපාලනය කරපින්නාගත් නුගත් කොමිස් කාක්කන් හැර වෙන කව්ද? ආයතන විනාශ කලේ පරිපාලන ලේකම්ල සහ ඇමති නඩේ මිසක් ඉංජිනේරුවන් නොවේ. ඉංජිනේරුවන් හොරුනම් ඇමතිල පඹයොද?