
ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ලියනගම මහතා, අද සිට ක්‍රියාත්මක වන පරිදි නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමට නියමිතය.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරන එස්.පී. අරුක්ගොඩ මහතාගේ සේවා කාලය ඊයෙ දිනයෙන් අවසන් වන අතර, එම පුරප්පාඩුව සඳහා මෙම නව පත්වීම සිදු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd