(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සම්බන්දයෙන් නිව් ප්‍රෝටන් සමාගමට අදාළව ඇති කරගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය හා මහජන විශ්වාසය රැකගැනීම සඳහා වහාම රටට හෙළිදරව් කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.
රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා ඉහළම ආයතනය ලෙස හා මුදල් පාලනය භාරව සිටින ආයතනය වන පාර්ලිමේන්තුවට පවා එවැනි ගිවිසුමක් හෙළිදරව් නොකිරීම මගින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය බලවත් ලෙස හෑල්ලුකර ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, ආයතන ගණනාවක් ද ඇතුළු කෙලවරපිටිය බලාගාරය විදේශීය සමාගමකට අළෙවි කිරීමට අදාළව ඇති කරගෙන ඇතැයි කියන ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද හෙළිදරව්ව පිළිබඳව ජනතාව අතර විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ.
කැබිනට් පත්‍රිකාව මගින් ඇමරිකාවේ නිව් ප්‍රෝටන් සමාගමට පැවරීම සඳහා යෝජනා කළ ද වාර්තා වී ඇති පරිදි ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් නමැති සමාගම මගිනි. මෙම සමාගම නිව් ප්‍රෝටන් සමාගමට සම්පූර්ණයෙන් අයිති සමාගමක්ද නැතහොත් හවුල් සමාගමක් ද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.
ගිවිසුම 13 (1) වගන්තියේ සදහන් කර ඇති පරිදි අවුරුදු දෙකක් යන තෙක් දෙපාර්ශවය අතර එකඟත්වයක් නොමැති ව රටට හෝ ජනතාවට ගිවිසුමේ සඳහන් විස්තර ප්‍රකාශයට පත් නොකිරීමට එකඟ වී තිබීම විශ්වාස කළ නොහැක.
ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නිතරම හඬ නගන ”සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය” ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් තුළ මෙවැනි අස්වාභාවික ගිවිසුම් ගැන අසා නැත” යැයිද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගිවිසුමට සති කීපයකට පෙර මොළ හතා අතුරුදහන්වෙලා වගේ ඉඳලා ඇමරිකාවෙන් මතුවුණා නේද? ඒක මේකට සම්බන්ධයිද? දන්නේ නැති නිසයි අහන්නේ...
මෙය ලංකා ඉතිහාසයේ සිදුවූ ඉතාම දරුණුතම පාවාදීමක්..., බරපතල ලෙස රටම මුලාකිරීමක්. මීළඟ රජයක් මගින් මේ දරුණු වංචාව ගැන සොයාබලා එයට මුලික වූවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුමයි...
මුදල් විශුද්ධිකරණයේ කෙළ පැමිණියා වූ මොල 7න් ගහන ලද ලස්සන ගේමක් බව නම් පැහැදිලියි. මුලින්ම එක සමාගමක්, ගිවිසුම බලනකොට තව එකක්..., දැන් තව එකක්. අන්තිමේ බදු නවතින්නේ මැදමුලන අධ්යක්ෂ මණ්ඩලයට අයත් ගිණුම්වල... මේ ටික තේරුණේ නැති හරක් 68 ලක්ෂයක් නිසා රටට වෙච්චි අපරාධයක්...
අපේ විමල් වීරවංශ පණ පිටින් ඉන්න කල් ඇමරිකාවට එන්න දෙන්නෙම නැහැ. ඔහු කිව්වොත් කිව්වාමයි. මාරාන්තික අපහාස විඳලා හරි, ඔහු මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. දැනටමත් විස්ස පරද්දලා, බැසිල්ට පාර්ලිමේන්තු එන්න දුන්නේ නැහැ.