
(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේදී නව ජනාධිපතිවරයා මෙසේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද විදෙස් තානාපතිවරු ප්‍රමුඛ ප්‍රභූහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
1968 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.
1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.





ජනපති දිවුරුම් දෙන්න සුදානම්
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.
ජනාධිපති ලේක්ම් කාර්යාලය පරිශ්‍රයේ මේවන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර ඉතා චාම් උත්සවයකින් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.
(ඡායා ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සුබ පැතුම් ඔබට... අපිට ඔබව විශ්වාසයි...
අභිනවයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබපැතුම් !
දශක හතකට වඩා කාලයක් කළු සුද්දෝ අවභාවිතා කරපු මේ රටේ ස්වර්ණමය යුගය බිහිකිරීමට සියලු ශක්තිය ලැබේවා..!
පාර්ලිමේන්තුවේ 222 ගෙදර යවලා එයාලගේ සියලු පහසුකම් ඉවත්කර එම සුවිශාල මුදල් රෝහල් වලට බෙහෙත් ලබාදීමට යොදවන්න.
ඔබතුමාගේ යම්යම් ප්‍රතිපත්තිවලට එකග නොවුනත්, ඔබතුමා තමයි ඉතාම සුදුස්සා… හදවතින්ම සුභපතනවා
පාර්ලිමේන්තුවේ 222ගෙදර යවන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ, එයාලාට දෙන වරප්‍රසාද අඩු කළාම ඇති, එහෙමනේ කිව්වෙත්...!
මා මෙතෙක් කිසිදු දේශපාලකයකුට තෙරුවන් සරණ පතා නැත. ඔබට මේ රටේ මජර තක්කඩි දේශපාලන මාෆියාව අවසන් කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...!
මේ රටට ගැලපෙනම ජනපති ඔබයි. රටේ සංවර්ධනයට මෙන්ම රටේ සියලු පුරවැසියනට යහපත් ජිවන පැවැත්මක් ලබා දීමට සියලු ශක්තිය හා ධ්‍යෛර්ය ඔබ තුමාට ලැබේවා
ගරු ජනාධිපතිතුමනි කිසිම වැඩකට නැති ඉන්න මැති ඇමැති වරු ඔකොම අයින් කරන්න 220 අයින් කරලා අලුත් අය 20 විතර ඔබතුමාම පත් කරගන්න එතකොට අපේ රටේ ඉන්න හැම කේනෙකුටම සමානකම් ඇතිව සැහැලුවෙන් ජිවිතේ ගත කරන්න පුලුවන් විදියට රට ගෙන එන්න ඔබට පුළුවන් අනිවාර්යයෙන්....
ජයෙන් ජයම වේවා….! අප ඔබ ගැන විශාල බලාපොරොත්තුවක් සහ මහත් විශ්වාසයක් තබා ඇත.
කිව්ව විදිහට වැඩකර පෙන්වන්න.
ජනාධිපති තුමනි ඔබට මගේ හදපිරි සුබ පැතුම් පිරිනමනු කැමැත්තෙමි.
අපට ලෝන් ගන්න අවස්ථාවක් දෙන්න. ඇප නැතිව ණය එපා. රිබ් එක අයින් කරල බිස්නස් කරගෙන යන්න ලෝන් ගන්න දෙන්න අලුතින් ඡීවිතය පටන් ගන්න...!
ඔන්න ඡන්දෙ ගැහුවා. පත්කළා. මම නිදාගන්න යනවා. අවුරුදු 5 කින් ඇහැරෙද්දී සිංගප්පූරුවක් කරලා කියන්න ඕනේ හොඳේ... සුබ රාත්‍රියක්...!
තාරුණ්‍යයට හෙටක්, ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වන්න බැරි වුණු, රටේ දැන් අනුර කුමාර මහතාට ඒ දේවල් පෙන්වන්න හැකිවේවා...!
කෝ මේ සජිත්...?
බොහෝ රටවල තානාපතිවරු හිටපු දේශපාලකයන්ගේ පවුල් වල උදවිය ... එම නිසා විදේශ සේවයේ පළපුරුදු උගත් නිලධාරීන් අලුතින් පත් කරන්න
අනුර මහත්තයෝ ආරක්ෂාව සෙල්ලමක් කරගන්න එපා.
හෙට අපි තාප්ප වල චිත්‍ර අඳින්න යනවා .කවුද තව එන්නේ ?
හරිනි කියන්නේ කොළඹ 3 කතෝලික පුද්ගලික පාසලකින් ඉගනගත්තු කතෝලික කාන්තාවක් . හරිනි කියන්නේ නිරාගමික රාජ්‍ය කියන කතෝලික සංකල්පය තුලින් බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව බිඳලීම සඳහා කතෝලික කුමන්ත්‍රණ කරුවන් JVp තුළ රෝපණය කළ බීජයක්ද?
දිවුරුම් දීලා පැයක්වත් නාස්ති කරන්නේ නැතුව කරනවා කිව්ව ඒවා කර පෙන්වීමට කාලයයි මේ
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි මම ඔබ තුමන් ගැන ලොකු විශ්වාසයකින් පසු වෙනවා යහපත් දේශයක් ගොඩනගන බවට මා ලොකු විශ්වාසයකින් පසු වෙනවාඅපේ රට වෙනුවෙන් ඒ විශ්වාසය ගොඩනගමුඅපේ දූ දරුවන්ගේ අනාගතය උදෙසා යහපත් දේශයක් ස්ථාපිත කරමු