
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා වෙත බාර දුන්නේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිය ලබා ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයකු ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ගොට්ටෙක් ! අපි හිතුවේ ලොකු ගොට්ටා, වටවල පත්කරයි කියලා.
සුබ පැතුම් විඡේබංඩාර සර් තමයි අපිට නීතිය කියන්නෙ මොකද්ද කියල ඉගැන්නුවෙ විවෘත විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මගේ ඡීවිත කාලෙ මම දැකපු අති දක්ෂ ගුරුවරයෙක් සර් අපේ රට ලස්සන රටක් කරන්න
කුහක වෙන්න එපා වේලාවට පත් කෙරුවා නම් මොනවා කියවයිද නේද?
නැතිව උඹෙ මහ එකා පත් කරන්න කියලද කියන්නේ අමලෝ...
හොඳ මහත්මයෙක්... සුබ පැතුම්..!
ලයනලෝ, මගේ මහඑකා කවුද කියලා මම දන්නවා ! ඒත් ඔයා? අම්මා සනිපෙන්ද? මතක් කරා කියන්න. ඇවිත් යනකන් !
අමල් අවුට් නේද? වයස 90 පැනපු ෂාෆ්ටර්ල, දේවාදිත්‍යල තවත් මෙලෝ හසරක් නෙදෙන්න උන් පත්කරල උන්ට වාහනත් දුන්නම ඒක අවුලක් නැද්ද අමලෝ