(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)
එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (29) විශ්‍රාම ලැබීය. උදේනි රාජපක්ෂ මහතා පත් කෙරුණේ ඒ අනුවය.
උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය. ඔහු මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූයේ 2022 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදාය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන රාජපක්ෂ මහතා යුද සමයේදී ගුවන් මෙහෙයුම් රැසකට
දායකත්වය දුන් පළපුරුදු ගුවන් නියමුවෙකි.
ඔහු ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම සහ බණ්ඩාරනායක යන පාසල්වලින් මූලික අධ්‍යාපනය ලබා ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය.
රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට 1988 වර්ෂයේදී බැඳී ඇත්තේ කැඩෙට් නිලධාරියකු වශයෙනි. ඔහු 1990 වසරේදී පියසර නිලධාරියකු ලෙස අධිකාරි ලැබීය.
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන උදේනි රාජපක්ෂ මහතා ප්‍රහාරක සහ මගී ප්‍රවාහන ගුවන්යානා දහයක් පැදවීම සම්බන්ධයෙන් ප්‍රවීණතා ලැබූවෙකි.
උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී හෙට ( 30) පෙරවරුවේ ගුවන් හමුදාපති ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාවේ විශිෂ්ඨ ගණයේ ගුවන් නියමුවෙකු වන එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා යුද කාලයේ දී හෙළිකොප්ටර් ගුවන් නියමුවෙකු ලෙස යුද පෙරමුණේ තුවාල ලත් සෙබලුන්ගේ දිවි බේරා ගැනීම සඳහා දිවා රෑ නොබලා උත්තම සේවයක් ඉටු කරන ලද අයෙකි. එතුමා අවංක, දුෂණයෙන් තොර අයෙකි. එමෙන්ම විශිෂ්ඨ සේවා විභූෂණ, රණශූර, උත්තම සේවා ආදී සම්මානයන්ගෙන් පිදුම් ලද්දෙක් මෙන්ම ලංකාවේ පිහිටි සියළුම ගුවන් හමුදා කඳවුරුවල 'බේස් කමාන්ඩර්' ධූරය දරා ඇත්තෙකි. මේ වනවිට භේදභින්න වී ඇතැයි කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිසි මාර්ගයකට ගැනීමට උදේනි රාජපක්ෂ මහතාට හැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාස කරති. ඔහු ගැන මෙහිදී සටහන් කළ යුතු අනෙක් වැදගත්ම කරුණ නම් මෙම ගුවන් හමුදාපති ධුරය ලබා ගැනීම සඳහා ඔහු කිසිවෙකු පසුපස නොගිය අයෙකු වීමයි. එතුමාට සුබඅනාගතයක් පතමු.
මගේ සුභපැතුම්
ගුවන් හමුදාවේ විශිෂ්ඨ ගණයේ ගුවන් නියමුවෙකු වන එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා යුද කාලයේ දී හෙළිකොප්ටර් ගුවන් නියමුවෙකු ලෙස යුද පෙරමුණේ තුවාල ලත් සෙබලුන්ගේ දිවි බේරා ගැනීම සඳහා දිවා රෑ නොබලා උත්තම සේවයක් ඉටු කරන ලද අයෙකි. එතුමා අවංක, දුෂණයෙන් තොර අයෙකි. එමෙන්ම විශිෂ්ඨ සේවා විභූෂණ, රණශූර, උත්තම සේවා ආදී සම්මානයන්ගෙන් පිදුම් ලද්දෙක් මෙන්ම ලංකාවේ පිහිටි සියළුම ගුවන් හමුදා කඳවුරු වල 'බේස් කමාන්ඩර්' ධූරය දරා ඇත්තෙකි. මේවනවිට භේද භින්න වී ඇතැයි කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිසි මාර්ගයකට ගැනීමට උදේනි රාජපක්ෂ මහතාට හැකි වෙතැයි බොහෝ දෙනා විශ්වාස කරති. ඔහු ගැන මෙහිදී සටහන් කළ යුතු අනෙක් වැදගත්ම කරුණ නම් මෙම ගුවන් හමුදාපතිධූරය ලබා ගැනීම සඳහා ඔහු කිසිවෙකු පසුපස නොගිය අයෙකු වීමයි. එතුමාට සුභ අනාගතයක් පතමු.