IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද(09) විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

18 වැනි ගුවන් හමුදාපතිධූරයට පත්වීමෙන් අනතුරුව එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවී සිය සේවය සැලකර සිටියේය.

නව ගුවන් හමුදාපතිවරයාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ ගුවන් හමුදාවේ වර්තමාන කාර්ය භාරය පිළිබඳව මෙහිදී විමසා සිටියේය.

නව ලොවට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියට ගෙනයාමත් ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විශ්වාසය පළ කළේය. ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරන කාර්ය භාරය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇඟයීමට ලක්විය.
 



අදහස් (8)

නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

sampath Monday, 09 November 2020 03:22 PM

ගුවන් හමුදාව වනාන්තර විනාශය වගේම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඵලදායීව යොදාගත හැකි ලංකාවම ආවරණය වන පරිදි දෛනිකව සමීප ගුවන් ඡායාරූප හෝ වීඩියෝ ලබාගෙන විශ්ලේෂණය කළොත් මුහුදත් ගොඩබිමත් ආරක්ෂා කල හැකියි. ඒ වගේම රෝගීන් රැගෙන ඒමට මුදල් ගෙවා හෝ ගිලන් යානා සේවාවක් ආරම්භ කරන්න.

:       2       8

jayanthi Tuesday, 10 November 2020 07:42 AM

දැන්නම් මුහුණ කරත්තයට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ..

:       0       0

Jagath Tuesday, 10 November 2020 07:55 AM

කරුණාකර මේ විකාර නවත්වන්න.

:       0       0

වාසනා සුබේහාමි Tuesday, 10 November 2020 12:28 PM

හමුදා නායකයෝ දේශපාලුවන්ට වටිනා තෑගි පිළිගැන්වීම දැන්වත් නවත්තන්නකෝ... ජනතාවගේ සල්ලිනේ.

:       0       0

Anu Thursday, 12 November 2020 03:10 AM

හොඳින් කටයුතු කිරීමට සියලු ශක්තිය ලැබේවා.......

:       1       0

Asa Thursday, 12 November 2020 06:15 AM

ජයවෙවා.....

:       1       0

Binkunndaa Thursday, 12 November 2020 08:39 AM

වෙන අලුත් දෙයක් වෙන්නේ නැද්ද මෙ රටෙ පෙන්නන්න...?

:       1       5

some Friday, 13 November 2020 04:00 AM

මෙයා කට්ටිය හම්බ වෙන්න යනවා ඇරෙන්න වෙන වැඩක් කරන්නේ නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site