
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
මේ දිනවල හමුවන කොවිඩ් රෝගීන් අයත් වන පොකුර ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුර’ යනුවෙන් නම් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) පස්වරුවේ නිකුත් කළ නව කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවේ එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කර තිබිණී.
මීට පෙර කොවිඩ් රෝගීන් වාර්තා වූ පොකුරු මිනුවන්ගොඩ කොවිඩ් පොකුර, බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර, පෑලියගොඩ කොවිඩ් පොකුර, බන්ධනාගාර කොවිඩ් පොකුර ආදී වශයෙන් නම් කර තිබිණි.
ඒ අනුව මෙරටින් වාර්තා වන නවතම කොවිඩ් පොකුර වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කියන නම තමයි ‘‘කෙළෝනා‘‘
ඇති යන්තම් ලොකු ප්රශ්නයක් විසඳුණා..
අර අලුතින් බඳවා ගත්ත දෙන්නාගේ මුල්ම වැඩේ වෙන්න ඇති ඕක...
වෙසක් දන්සල් පොකුර දැන් එකත් දාලා තියාගත්තොත් නරකද?
ඊළඟට වෙසක් පොකුර ළඟ ළඟම එනවා
සමාජගත වෙලා නෑ තාම
ඕක කලින්ම කිව්වා. ඇහැව්වේ නෑ
පිළිසඳරේ පොකුර...
සර් ෆේල් පොකුර කියලා නම දාන්න..
අවුරුදු පොකුරට අපේ උණුසුම් සුබ පැතුම්
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු...