
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත.
ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) බදාදා රැස්වීමට නියමිතය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය. ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය.
මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය. හෙතෙම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් සුදුසු පුද්ගලයෙකු නම් කරලා තියෙන්නේ, ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඉන්න කජු සීයාගේ එහෙයියන්ට විරුද්ධ වෙන්න ඉඩක් නැහැ, මේ ප්‍රවෘත්තිය දැකලා සමහර විට පොහොට්ටු සජබ හොර නඩ වලට දෙවියන් සිහි වෙනවා ඇත.
අවංක නිලධාරියෙක් හද පිරි සතුට
මෙම තනතුරෙන් විශ්‍රාම ගිය පසු, තානාපති තනතුරක් හෝ වෙනත් ඕනෑම තනතුරක් ඔබ එනතුරු බලා සිටී. ශ්‍රී ලංකාව තුන්වන ලෝක රටක් ලෙස පවතින්නේ මේ නිසාය. පාලනය රඳා පවතින්නේ දවසේ බලයේ සිටින්නේ කවුරුන්ද යන්න මතය.
ටිකක් සද්දේ දැම්මේ ඕකට තමයි ඉතින්
ඔයා මගෙත් මම ඔයාගෙත් පිට කසා ගමු.
ඩීල් එක සම්පූර්ණයි.
අපරාදේ, මේක දෙන්න තිබ්බෙ දැන් ඉන්න නීතිපති වගේ ඩයල් එකකට.
අග විනිසුරුකම දෙන්නේ ඩීල්වලට නොවෙයි. ජේෂ්ඨ තත්වය අනුව. එනිසා නිකන් ඇත මැත දොඩවන්න එපා. එය ශ්‍රේෂ්ඨ තනතුරක්. නිග්‍රහ කරන්න එපා...