IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිල්වලා ගඟේ කිඹුල්ලු ගම් වදිති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතරට බලපා ඇති  ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටීන කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති.

මෙම කිඹුල් උවදුර හේතුවෙන් බොහෝ පිරිස් සහන සේවා කටයුතුවල නිරත වීමට ද දැඩි මැලිකමක් දක්වති.

එම නිසා ඇතැම් ස්වෙච්ඡා සංවිධාන හා පරිත්‍යාගශීලීන් ආපදා ප්‍රදේශවලට නොයා තම ආධාර තොග විපතට පත් ජනතාවට බෙදා දීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආරක්ෂක අංශ වෙත භාර දෙන අයුරු දැක ගත හැකි විය.

විශේෂයෙන්ම මාතර නගරයේ කාණුවල මෙන්ම ඇල වේලී,කුඹුරුවලද පසුගිය දින කිහිපයේ කිඹුලන් රැසක් සිටින අයුරු දැක ගත හැකි විය.

මාතර කොටුව නිල්වලා ගං මෝය කටින් මුහුදට ගසා ගෙන ගිය කිඹුල් පැටවුන් කිහිප දෙනෙකු ද හමු විය.

උද්ගතව ඇති කිඹුල් උවදුර සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ රැස්වීමේ දී ද අවධානයට ලක් වී තිබුණි.

 



අදහස් (0)

නිල්වලා ගඟේ කිඹුල්ලු ගම් වදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site