
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ - කුරුණෑගල මාර්ගයේ නාල්ල මංචිකඩේ හන්දිය ආසන්නයේදී අද සවස සිදු වූ අනතුරකින් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
දඹදෙණිය හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි නාල්ල පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර පාසල් සිසුන් තිදෙනකු ද සිටින අතර ඔවුන් දඹදෙණිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇත.
මෙසේ අනතුරට පත් වී ඇත්තේ කුරුණෑගල සිට කොළඹ දෙසට ගමන් ගත් ළංගම බස් රථයක් හා වැලි සෝදන යන්ත්‍රයක් පටවාගෙන ගමන් ගත් විශාල ට්‍රක් රථයකි.
බස් රථය මංච්කඩේ හන්දිය පසුකර ඉදිරියට ගමන් කරන අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි රථයේ කෙළවරක් බස් රථයේ ගැටී ඇත. ඒ අවස්ථාවේදී එහි පටවා තිබූ යන්ත්‍රය හැරී ගොස් බස් රථය ඉදිරිපස වැදීම හේතුවෙන් බස් රථය අසලින් ගලා බසින ඇළට වැටී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලංගම රියැදුරන් අතින් අනතුරු සිදුවනවා අහන්න ලැබුනේ නැති තරමයි. විනය ඉහළයි. දැන් ඉන්න හාදයෝ නම් පෞද්ගලික බස්රථ රියැදුරන්ටත් අන්තයි...
දවසින් දවසම අහන්න ලැබෙන්නේ රිය අනතුරු.එවායින් බොහොමයක් මාරක රිය අනතුරු. මේ රිය අනතුරු වැළැක්වීමට ක්‍රියාකාරී වැඩපිලිවෙළක් වහාම ආරම්භකළ යුතුයි.