(මොහොමඩ් ආසික්)
රාජ්‍ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්‍රණ කර සජිත් ප්‍රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කීය.
අද 07 වනදා සවස මහනුවර මඩවල දී පැවැති ජන පවුර රැස්විමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කිය.
දැන් එන්.පී.පි. කියල එකක් තියෙනවද? එහෙනම් කෝ ජේ.වී.පී. එක . ජේවීපී කියන්නෙත් . එන්.පී. පී. කියන්නේ එකක්. දෙකක් නෙවෙයි. ජේ.වී.පී. එකේ නායකයෝ හැර එන්පීපී එකේ වෙනත් නායකයෝ ඉන්නවද? කවුරුවත් නෑ. අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා ඔය සෙට් එකම නේ එන්පීපී කියල හිට ගෙන ඉනනේ. යූ එන්.පී සජබ කියලත් තර්ක කරන්න පුළුවන්. ඔයගොල්ගොල් යූඑන්පී කාරයෝ නේ කියලා. ඔව් හැබැයි අපේ වෙනසක් තියෙනවා. යුඑන්පි නායකයා රනිල් වික්‍රමසිංහ එයත් එක්ක වජිර අබේවර්ධනයි තව බංකොලොත් වෙච්ච කීප දෙනෙක් ඉනන්වා. සජබ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අලුත් කණ්ඩායමක් එතැන හිට ගෙන ඉන්නවා. එන්පීපී ජේවීපි කියල දෙකක් නැ එකයි .
මේ දවස්වල ලොකු කතාවක් යනවා මාර රැල්ලක්නේ එන්පීපී එකට කියලා. ජේවීපි රැස්විම්වල හිට ගෙන ඉන්නේ ඔවුන්ම අරන් යන ඔවුන්ගේම කණ්ඩායමක්. ඊට අමතරව ගෝඨාට වැඩ කරපු වියත් මගේ කොටසක් එතැන ගිහින් හිට ගෙන ඉන්නවා. මේ වියත් මඟේ උන් තමයි රට බංකොලොත් කළේ. වියත් මඟ කියන එක දිහා හැරිලවත් බලන්න මම කැමැති නෑ. ඒ ගොල්ල තමයි රට බංකොලොත් කළේ. මේ වියත් මඟ මේ රටට කරපු අපරාධවලින් කිහිපයක් මම කියන්නම්.
එක කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය සේවයක් පටන් ගන්න හැදුවා.. ඒකට දශම භාගයක විතර පොලියකට ජපානය ණයක් දුන්නා. මේ වියත් මඟ ඇවිත් ඒක නැවැත්තුවා. ඒක නැවැත්වීම නිසා ජපානය අපිත් එක්ක තරහ වුණා. පසුගිය අවුරුචු 50 60 තුල අපට වැඩියෙන්ම උදව් කරපු රට ජපානය. ජපානය තරහ වුණා. රුපියල් මිලියන 12,000 ක වන්දියක් ගෙවන්න වුණා.
මේ රටේ බංකොලොත් භාවයට ප්‍රධාන හේතුව වුන බදු කපා හැරීමට යෝජනා කරල තියෙන්නෙත් මේ වියත් මඟයි. අනෙක් මේ රටේ කාබනික පොහොරවලට උපදෙස් දිල තියෙන්නෙත් මේ වියත් මඟයි මදිද රටට කරල තියෙන ප්‍රමාණය. රටට මේ හෙන ගහන අපරාධය කළේ ගෝඨට උපදෙස් දුන්න මේ වියත් මඟයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජියව නැතිකරන්න වෙනකව්රුත් ඕන නෑ ඔයාහිටියම ඇති ..
මෙයත් අර ඇට නැති දිවෙන් හතර අතේ මඩ ගහලා අනාගන්නවා.කාලයක් රනිල්ට කඩේ ගියා.ඊට පස්සෙ මහින්දට රෙදි නැතුව කඩේ ගියා.දැන් සජිත්ට කඩේ යනවා.අවසාන කාලයේදී මරු කියවනවා.
ඉතින් ඔය වියත් මගේ නේ කවුද නාලක ගොඩහේවා හිටියේ. ඔයා එයාව දැක්කා නැද්ද ?
සජිත් කොහොම වුනත් ඔය ගිය පැත්ත හැමදාම ඉවරයි
කව්ද දන්නේ නැහැ ,අය්යෝ එක්ක එකතු වෙලා ඇත් ගොව්වා වෙන්න කුමන්ත්‍රණය කරලා රට බංකොලොත් වෙන තැනට තල්ලුවක් දුන්නේ ? දිට්ට ධම්ම වේදනීය කර්මය පසුපස ලුහු බදිනවා . කව්රුත් කුමන්ත්‍රණ කරන්න අවශ්‍ය නැහැ . ඉබේම වෙයි .
බදු කපා හැරීමට සමස්ත පාර්ලිමේන්තුව ඒකමතිකව එකඟ වූ අයුරැ අපිට මතක බව පමණක් මේ මංසුදනා අත්තනායක මහතාට මතක් කරමු
වියත් මඟ ගැන කරලා තියන ප්‍රකාශය අතිශයින්ම නිවැරදියි. ඒත් ඔබ හිතනවානම් වත්මන් දේශපාලන අර්බුධයට එකම විසඳුම සජිත් කියලා ඒක ඔබේ දේශපාලන අනවබෝධය එහෙම නැත්නම් කොතනකට හෝ හේත්තුවෙලා තමන්ගේ රැකවරණය ගැන සිතීමේ බොළඳ අපේක්ෂාව. සජිත් වේදිකාවක කරන කතාවකින්ම වැටහෙන්නේ නැද්ද එයා පරිනත නායකයෙක් නොවන බව. තවමත් පියාගේ කර මතින් යන පියරු බබෙක් විතරයි.
පිළිකනු ගානේ ගිහිල්ලා කියෙව්වට කොන්ද පණ නෑ විවාද කරන්න. දැන් ගාගත්ත අසූචි පිහාදාන්න යන එන මං නැති හැමදාම පරදින හූනියමකට වැඩේ බාරදීලා. ටිකක් හරි ඡන්ද තිබුණා නම් මේ බයගුළුකම නිසා නැතිකර ගත්තා. ඇත්තටම මොලේ කලදක් හරි තිබුනා නම් මෙහෙම කරගන්නේ නෑ
සජිත්ට විසිල් විරයි පුළුවන්. බල්ටි බැහැ. එදා ආවානම් කොන්දක් තියනවා කියලා හිතන්න තිබුනා.
වියත් මගේ නාලක ගොඩහේවා වගේ අය හිටගෙන ඉන්නෙ.කා ලඟද? ඔතන යූ ඇන් පී එකේ කකුල තියාගෙන ඉන්න කීදෙනෙක් ඉන්නවද? තමුන්ට අමු කැවිල,ලැජ්ජ නැති කතා , ගෝටා සහය දුන් ගොබ්බ රැල ඔතන ඉන්නෙ කියන එකවත් දන්නෙ නැති හාදයෙක් මෙයා. නාලිකාවෙ මොකක්ද කුමන්ත්‍රණය , ඇවිත් කතා කලා නම් මොනවත් නැහැනෙ
ආයේ අලුතින් නැති කරන්න දෙයක් නැ. කාඩ් කුඩු වෙලා ඉවරයි... ඇමැති කාලේ කඩපුවා රටම දන්නවා...
තමුනුත් එක්තරා විදියක කුමන්ත්‍රණ කාරයෙක් තමයි, මතක නැද්ද ඒ කාලේ කරපුවා මහින්දගේ සාටකේ එල්ලිලා සෞඛ්‍ය ඇමැති වෙච්චි හැටි...
ගොඩහේවා දැන් ඉන්නේ කොහේද කියලා චුට්ටක් කියන්න පුළුවන්ද?
අත්සන හොරාට ගහලා, පක්ෂය පාවාදීලා, ලෝකයේ එක දවසක් සෞඛ්‍ය ඇමැති වී ලෝක වර්තාවක් තිබ්බ අත්තේනේ මේ කියන්නේ... එක අද සේ ඇමැති පුටුවේ ගාන එවකට පනස් දාහයි.
මටත් තේරුම් ගන්න බැරි මේ NPP, JVP දෙකේ වෙනස. මට නම් හිතෙන්නේ හැබෑ ජේවීපී අයගෙන් බේරිලා රනිල් එක්ක ගේම් ගහන්න අටවාගත්තු අටමගලක් NPP කියන්නේ..
ඔයා තමයි එදා යූඑන්පී එකේ මහ ලේකම් ධුරය දරමින් රනිල්ට කඩේ ගිහින් සජිත් සහ එම පක්ෂයත් නැත්තටම නැති කලේ. සජිත්ටත් ලැජ්ජාවක් නැහැ මෙයාව පක්ෂයට ගන්නවත්, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරය දෙන්නවත්...
සජියාගේ මොනවා නැති කරන්නද? මිනිහා කරන කියන දේවල් වලින් මිනිහාවම නැතිකරන් තියනකොට