(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නිල සංචිත ගොඩනැගීම අඛණ්ඩව සිදු කිරීම සඳහා විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම තවත් මාස හයකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ලබන 30 වැනි දා සිට මාස 6 ක කාලයක් සඳහා විදේශ විනිමය මෙරටින් පිටතට ගලා යාම සීමා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත .
පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය වැඩිවීමත් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් හේතුවෙන් මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා වැඩි වුවත් එය ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වීමට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක නිල සංචිත ශ්‍රී ලංකාව සතුව තිබූ බවත් මහ බැංකුව ඉදිරිපත් කළ ඉල්ලීමක් මත ලබන තිස් වෙනිදා සිට මාස 6 ක කාලයක් සඳහා මෙම සීමා කිරීම පැන වූ බවත්
බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.
ඉලක්ක කර තිබෙන පරිදි එළඹෙන සැප්තැම්බර් මස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සම්පූර්ණ කිරීමෙන් පසුව ප්‍රාග්ධනය පාලනය කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ නැවත සලකා බැලීමට බලාපොරොත්තු වන බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ දැන්ම වාහන ගෙන්වන්නේ නැහැ...
ආර්ථික අර්බුදය ඇති වීමට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක නිල සංචිත බොහොමක් පිට රටින් ණයට ගත් ඩොලර්.
මට තේරුම් ගන්න බැරි, බඩු ගන්නෙත් නැතිනම්, ණය ගෙවන්නෙත් නැතිනම් සංචිත වැඩි කිරීම නිසා ඩොලරයේ අගය පහත බසිනවා. එතකොට විදේශවල ඉන්න කට්ටිය සල්ලි එවන එක තවත් අඩුවෙනවා.
මොනවා ගෙනාවත් වාහන නම් ගෙන්වන්න එපා...
බොහෝම හොඳයි ඒ ක්‍රියා මාර්ගය. තව අවුරුද්දකට සීමා කරන්න. රටට ගෙන්වන්න සහන සැලසූ භාණ්ඩ ලැයිස්තුවේ චොකලට් යෝගට් වගේ රටට කවදාවත් නොගෙන්විය යුතු භාණ්ඩ තිබුණා. ඒ නිසා භාණ්ඩ ගෙන්වීම තවදුරටත් සීමා කරන්න....
වැඩිපුර සල්ලි එවන්න දෙන ඇමක් වෙන්න ඇති... එකපාරට රුපියල පහළ බැස්සනේ...!
අපි මොන විදිහේ යෝජනා ඉදිරිපත් කළත් ඇමැතිලගේ ව්‍යාපාරික යාලුවොත් එක්ක කතාකරලා තමයි ඔය තීන්දු තීරණ ගන්නේ.... මොවුන්ගේ හැටි ඔහොම තමයි.